• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

විශේෂ ප්‍රවෘත්ති නිවේදනය

ශ්‍රී ලංකාවේ දේශපාලන හා ආර්ථික උන්නතිය මෙන්ම ස්ථාවරත්වය වෙනුවෙන් නව ක්‍රියාමාර්ග රැසක් ක්‍රියාත්මක වන මෙම අවස්ථාවේ සමස්ත මහජනතාව ජාතික හැඟීමෙන් හා නිසි අවබෝධයෙන් යුතුව කටයුතු කිරීම රටේ පොදු යහපත වෙනුවෙන් අත්‍යවශ්‍ය සාධකයක්ව පවතී.

මෙම ජාතික එකමුතුව හා අවබෝධය දුර්වල කිරීම පිණිස මේ වන විටත් විවිධ පාර්ශ්ව මෙන්ම සංවිධානාත්මක කණ්ඩායම් විසින් විවිධ ක්‍රමවේදයන් ඔස්සේ අසත්‍ය හා නොමග යවන සුලු ප්‍රචාරයන් රට තුළ ව්‍යාප්ත කිරීමට කටයුතු කරමින් සිටී. සමාජ මාධ්‍ය ජාලා, වෙබ් අඩවි මෙන්ම ඇතැම් මාධ්‍ය ඔස්සේ මෙවැනි සාවද්‍ය මෙන්ම පදනම් විරහිත ප්‍රවෘත්ති හා මතවාදයන් ව්‍යාප්ත කිරීම සිදු වේ. එවැනි නොමග යවන සුලු මතවාද මගින් රට තුළ දේශපාලන අස්ථාවරත්වයක් ඇතිකිරීම හා මහජනතාව වෙත වැරදි තොරතුරු ලබාදීමෙන් වැඩබිම් ඇතුලු විවිධ ස්ථානයන්හි නොසන්සුන්තාවක් නිර්මාණය කිරීම මෙවැනි සංවිධානාත්මක කණ්ඩායම් වල අරමුණ වී ඇත.

ඒ අනුව, කිසිදු පාර්ශවයක් විසින් ප්‍රචාරය කරන පදනම් විරහිත අසත්‍ය ප්‍රචාරයන්ට  නොරැවටී මෙම අවස්ථාවේ නිසි අවබෝධයෙන් යුතුව කටයුතු කරන මෙන් රජය පොදු මහජනතාව වෙත ඉල්ලීමක් කරයි.

එමෙන්ම, රජයේ නිල පුවත් මහජනතාව වෙත ලබාදීමේ කටයුත්ත රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වගකීමක් වන බැවින් වඩාත් කඩිනමින් තහවුරු කරන ලද තොරතුරු ජනතාව වෙත ලබාදීමට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අඛණ්ඩව කටයුතු කරනු ලබන බවත් ඒ පිළිබඳව අවධානයෙන් පසු වන ලෙසත් මෙයින් කාරුණිකව දැනුම් දෙනු ලැබේ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.