• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

නියෝජිත පිරිසක් සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අතර හමුවක්

Airforce1සාක් කලාපීය රටවලට අයත් ශිෂ්‍යභටයින් නියෝජනය කරමින් නේපාලයේ ජාතික ශිෂ්‍යභට බළකායේ අධ්‍යක්‍ෂ ජනරාල් මේජර් ජනරාල් රමීන්ද්‍ර චෙට්රි මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් හා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මර්ෂල් කෝලිත ගුණතිලක මහතා අතර හමුවක් 2016  ඔක්තොබර් 21වැනි දින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ දී සිදු විය.

එහි දී ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂක ව්‍යුහය ඒකාබද්ධ මෙහෙයුම් සංකල්පයෙහි පරිණාමය, ත්‍රිවිධ හමුදා කාර්යභාරය සහ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් සඳහා ශ‍්‍රී ලංකාවේ දායකත්වය පිළිබඳ ශිෂ්‍යභටයින් සඳහා දැනුවත් කිරීමක් ද සිදු කරන ලදී.මෙහිදී මෙම හමුව සිහිවීම පිණිස දෙපාර්ශවය අතර සමරු ඵලක හුවමාරුවක්ද සිදුවිය.

 

Airforce 2

 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.