• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ශ්‍රීලංකන් ගුවන් සමාගමට ගෞරවාන්විත සම්මාන 2ක්

arilankaශ්‍රීලංකන් ගුවන් සමාගම(www.srilankan.com) ශ්‍රී ලංකා විශිෂ්ට සේවා යෝජක සන්නම සම්මාන උළෙලේ සහ  ලෝක මානව සම්පත් සංවර්ධන කොංග්‍රසයේ (World HRD Congress) 2016 දකුණු  ආසියා  පාර්ශව හමුව සහ ව්‍යාපාර සම්මාන උළෙලේ (South Asian Partnership Summit & Business Awards 2016 (SAPS) දකුණු ආසියාවේ ආයතනික අංශය සඳහා වන  මානව සම්පත් ක්‍රියාකරකම් සහ CSR ව්‍යාපෘති වෙනුවෙන් ගෞරවාන්විත සම්මාන 2කින්  පසුගියදා පිදුම් ලැබීය.

 ශ්‍රීලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ කර්නල් සුනිල් පීරිස් මහතා ප්‍රකාශ කර සිටියේ “අප ජාතික ගුවන් සේවය වසර ගණනාවක් පුරාවට විශිෂ්ටත්වයට පත්වීමෙන් ශක්තිමත් කීර්තියක් අත්පත් කර ගෙන ඇති බවයි. මෙම සම්මාන දෙක මගින් ශ්‍රීලංකන් ගුවන් සමාගම මානව සම්පත් ක්‍රියාකාරකම් තුළින් ලබාගත් කීර්ති නාමය මෙන්ම සමස්ත ප්‍රජාව වෙනුවෙන් සමාජ සවිබල ගැන්වීම සඳහා  ශ්‍රීලංකන් කෙයාර්ස් හා එක්ව සිදුකරන සේවාව වෙනුවෙන් සිදුකළ ආයතනික කාර්යභාරය ඇගයීමට ලක්වු බවද ඒ මහතා   වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.  

 ගුවන් සමාගමේ මානව සම්පත් අංශ ප්‍රධානී ප්‍රදීප කැකුලාවල  මහතා ජාතික ගුවන් සේවාව වෙනුවෙන් සම්මානය ලබාගනිමින්  ප්‍රකාශ  කර සිටියේ “ අපගේ  මානව සම්පත් සහ CSR කණ්ඩායම් සතුව ඇති වෘත්තීය දක්ෂතාවය සහ කැපවීම  මත මෙම ජාත්‍යන්තර සම්මාන ලබා ගැනීමට හැකිවීම පිළිබඳ ව  තමන් සතුටට පත්වන බවයි. මෙම ජයග්‍රහනය අප කණ්ඩායම් හි සමස්ත කැපවිම සහ අඛණ්ඩව වැඩකිරීමේ සම්පූර්ණ ප්‍රථිඵලක් බව ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය. ශ්‍රී ලංකා විශිෂ්ට සේවා යෝජක සන්නාම සම්මාන උළෙල සඳහා අනුග්‍රාහක දායකත්වය ලබාදී ඇත්තේ සේවා යෝජක සන්නම ආයතනය (Employer Branding Institute) සහ Stars of the Industry Group ඇතුළුව උපාය මාර්ගික පාර්ශවකරු වන CHRO ඒෂියා වන අතර, ව්‍යාපාර සඳහා වන ආසියානු ඒකාබද්ධ සමූහයේ අනුමැතිය ද මෙම සම්මාන උළෙල සඳහා ලබා දී ඇත. 

පසුගිය ඔක්තෝම්බර් මස 13 වැනිදා මොවුන් කොළඹ කිංග්ස්බරි හෝටලයට කැඳවන ලදී. විශේෂ පර්යේෂකයන්  කිහිප දෙනෙකු මගින් පර්යේෂණ පවත්වා සම්මානලාභීන් තෝරාපත් කර ගෙන ඇති අතර, සාමාජිකයන් 8 දෙනෙකුගෙන් යුත් ජාත්‍යන්තර විනිසුරු මඩුල්ලක් හරහා මෙම ඇගයුම් සිදුකර ඇත.නව්‍යතාවයෙන් යුතු කාර්ය සිදුකරන මානව සම්පත්  ප්‍රතිපත්ති අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් ආයතනයේ සුබසිද්ධිය වෙනුවෙන් වටිනාකම් ඔස්සේ  ආයතනික දැක්ම කරා යන විශිෂ්ට සේවා යෝජකයන් සඳහා මෙම සම්මාන ලබාදෙන ලදී.

එසේම  සමාජ ක්‍රියාකාරකම් සහ සමාන අවස්ථා ලබාදෙන සේවා යෝජකයන් වෙනුවෙන් අනාගත නායකයන් ඇති කිරීමට අධ්‍යාපන සහ සංවර්ධන ක්‍රියාමාර්ග දියත් කිරීම, සේවකයන් බඳවා ගැනීමේ දී විවිධ ක්‍රමවේද භාවිත කරන පුහුණු සහ පවත්වා ගැනීමේ ක්‍රමවේද මෙන්ම අඛණ්ඩ නව්‍යතා එළිදැක්වීම වෙනුවෙන් මෙම ආයතන  මෙසේ සම්මාන සඳහා පාත්‍ර වී ඇත.

මේ අනුව මෙම දිනයේ දී ම  කොළඹ Waters’ Edge  හෝටලයේ දී 2016 දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේ  ගුවන් සමාගමේ CSR අංශය වන ශ්‍රීලංකන් කෙයාර්ස්ආයතනික අංශය වෙනුවෙන් ප්‍රජා  සංවර්ධන  සම්මානයෙන් ද  පිදුම් ලැබීය.දකුණු  ආසියා  පාර්ශව හමුව සහ ව්‍යාපාර සම්මාන උළෙලේ  සම්මාන සඳහා අනුග්‍රාහක දායකත්වය ලබාදී ඇත්තේ ලෝක මානව සම්පත් සංවර්ධන කොංග්‍රසය වන අතර, මේ සඳහා ව්‍යාපාර සඳහා වන ආසියානු ඒකාබද්ධ සමූහයේ(Asian Confederation of Businesses)අනුමැතිය ලැබී ඇත.

මෙම සම්මානලාභීන් මෙන්ම නායකයන් එක්ව කලාපයේ ආර්ථික අවස්ථා වෙනුවෙන් එක්ව වැඩ කරනු ලබයි. 2016 දකුණු  ආසියා  පාර්ශව හමුව සහ ව්‍යාපාර සම්මාන උළෙලේ ( SAPS) අරමුණක් වන්නේ ගුණාත්මක සංවර්ධනයක් වෙනුවෙන් ප්‍රමිතීන් විශිෂ්ට ලෙස පවත්වා ගැනීමත් මෙම විශීෂ්ටතාවයන් අත්පත් කර ගැනීම සඳහා වගකීමෙන් කටයුතු කරන ආයතන සහ පුද්ගලයන් ගෞරවාදරයට පත්කීරිමත් ය.

මෙම සම්මාන උළෙල සඳහා දකුණු ආසියාවේ දේශපාලන, සමාජ, ආර්ථික, මූල්‍ය සහ ආයතනික අංශයන් සඳහා ප්‍රමුඛ නායකත්ව කාර්යභාරයක් ඉටුකරන පුද්ගලයන් රැසක් සහභාගී වූහ.  ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල දරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් ශ්‍රීලංකන් කෙයාර්ස් විශාල කාර්යභාරයක් ඉටු කරන අතර, පාසල්,රෝහල් සහ සාමාන්‍ය ප්‍රජාව  වෙනුවෙන් අරමුදල් රැස්කිරිමේ ව්‍යාපෘති ඇතුළු දරුවන් වෙනුවෙන් වූ පුණ්‍ය කටයුතු සඳහා ද මෙමගින් දායකත්වය ලබාදේ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.