• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

තොරතුරු දැනගැනීමේ පනතේ ඉදිරි පියවර ඉදිරි මාස කිහිපය තුළ කි‍්‍රයාවට නංවන බව ජනපති පවසයි

press C He conferenceතොරතුරු දැන ගැනීමේ පනතේ ඉදිරි පියවර ඉදිරි මාස කිහිපය තුළ කි‍්‍රයාවට නංවන බව ජනාධිපතිතුමා පවසයි.ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (25) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති ශී‍්‍ර ලංකා පත‍්‍ර කලා සංගමයේ 61 වන සංවත්සර උත්සවය අමතමිනි.

නිදහස් මාධ්‍යයේ ඉදිරි ගමන වෙනුවෙන් විශේෂ කි‍්‍රයාමාර්ග රැසක් ගැනීමට වත්මන් රජයට හැකිවු අතර වසර කිහිපයක් තිස්සේ පොදු මහජනතාවගේ මෙන්ම මාධ්‍යවේදින්ගේ හඩක් බවට පත්ව තිබූ තොරතුරු දැනගැනීමේ පනත සම්මත කර ගැනීමට ඒ අනුව රජයට හැකි වු බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

නිදහස් මාධ්‍ය ශක්තිමත් කිරීමට මෙන්ම මාධ්‍යවේදියාට අවශ්‍ය පහසුකම් සැපයීමට රජය, රාජ්‍ය ප‍්‍රතිපත්තිය අනුවම කැපවී සිටින බව පැවසූ ජනාධිපතිතුමා සදාචාරාත්මක මෙන්ම ගුණ යහපත් සමාජයක් රට තුළ ගොඩනැඟීම සඳහා සිය මාධ්‍ය මෙහෙවර නිසි ලෙස ඉටුකිරීමට මාධ්‍යවේදින් කැපවණු ඇති බවටද විශ්වාසය පළ කළේය.

රටේ නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය මෙන්ම මූලික මිනිස් අයිතිවාසිකම් ශක්තිමත් කිරීමේදී ඊට මාධ්‍යවේදියාගෙන් හිමිවන අනුග‍්‍රහය සුවිශේෂි වන අතර, ඔහු ඒ සියල්ලේ ප‍්‍රධාන චරිතයක් වන බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදින් දස දෙනෙකුට සම්මාන හා මුදල් තිළිණ ප‍්‍රදානය කිරීම මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු වූ අතර ග‍්‍රන්ථකරණයේ යෙදුණු ශ‍්‍රී ලංකා පත‍්‍ර කලා සංගමයේ සමාජිකයින් විසි දෙනෙකුට “ලේඛන අභිමන්” සම්මාන තිළිණ ප‍්‍රදානය කිරීමද ජනාධිපතිතුමා අතින් සිදු විය.

මීට එක්ව සිටී ඉන්දීය ජනමාධ්‍යවේදින් විසින් ජනාධිපතිතුමා මහත් හරසරින් පිළිගනු ලැබූ අතර, ඔවුන් ජනාධිපතිතුමා වෙත විශේෂ සමරු තිළිණයක් ද පිළිගැන්වීය. ශී‍්‍ර ලංකා පත‍්‍ර කලා සංගමය විසින් ද ජනාධිපතිතුමා වෙත විශේෂ සමරු තිළිණයක් පිළිගැන්වීය.

අමාත්‍ය ගයන්ත කරුණාතිලක, නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නිමල් බෝපගේ යන මහත්වරුන් ද, පත‍්‍රකලා සංගමයේ සභාපති උපාලි අරඹේවෙල, මහලේකම් උපුල් ජානක ජයසිංහ යන මහත්වරුන් ඇතුළු ශී‍්‍ර ලංකා පත‍්‍ර කලා සංගමයේ සාමාජිකයින් ද, ශී‍්‍ර ලංකාවේ සහ ඉන්දියාවේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.