• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

2017 වෛද්‍ය ස්ථාන මාරු ලේඛනය - කඩිනම් පරීක්ෂණයක්

rajitha senarathna2017 වෛද්‍ය ස්ථාන මාරුවීම් ලේඛනය වැරදි සහගත ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයේ වෙබි අඩවියේ පළවීම පිළිබඳ ව කඩිනම් පරික්ෂණයක් පවත්වන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය, වෛද්‍ය, රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය ලේකම් අනුර ජයවික‍්‍රම මහතා වෙත ඊයේ (03) නියෝග කර සිටියේය. 

 

 සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආයතන ප‍්‍රධානීන්ගේ රැස්වීම සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේ ඊයේ පෙරවරුවේ පැවැත්විණි. එහිදී මේ පිළිබඳ දිර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර, වෛද්‍ය වෘත්තීය සංගම් ස්ථාන මාරුවීම් ලේඛනය සකස් කිරීමට මැදිහත් වී ඇත්දැයි සෙවීමට ද පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුම් දෙන ලදි.

මින් ඉදිරියට වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් ලේඛන සකස් කිරීමේ දී වෛද්‍ය වෘත්තීය සංගම්වල  නිර්දේශ ලිඛිත ව ලබාගන්නා ලෙස ද සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුම් දෙන ලදි. ඒ පිළිබඳ ව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ අත්සනින් වෛද්‍ය වෘත්තීය සංගම් වෙත දැනුම්දීමට ද නියමිතය. තවද අමාත්‍යාංශ වෙබි අඩවියේ වැරදි සහගත ලෙස වෛද්‍ය ස්ථාන මාරුවීම් ලේඛනය ඇතුළත් කිරිමට අමාත්‍යාංශයේ නිලධාරින්ගේ සහාය ලැබී ඇත්දැයි සොයා බලන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුම් දෙන ලදි. ස්ථාන මාරුවීම් පිළිබඳ තොරතුරු මාධ්‍යයට ලබාදීම පිළිබඳ ව ද පරික්ෂණයක් පැවැත්වීමට නියමිතය. තව ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී නිලධාරීන්ට දැනුම් දුන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය විහිළුවකට ලක් නොකරන ලෙසයි.

2017 වසරේ ස්ථාන මාරුවීම් සඳහා සුදුසුකම් ලත් වෛද්‍යවරුන්ගේ ලේඛනය යළි සකස් කිරීමට මෙහිදී තීරණය විය. මීට පෙර සකස් කළ ලේඛනයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ සහ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ගේ නම් ද ඇතුලත් වී තිබුණි. මේ වනවිට එම ලේඛනය සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙන් ඉවත් කර ඇත. සෞඛ්‍ය අමාත්‍යවරයාගේ උපදෙස් මත මේ පිළිබඳ පරික්ෂණ පැවැත්වීම සඳහා ත‍්‍රී පුද්ගල කමිටුවක් පත් කිරීමට තමන් පියවර ගන්නා බවත්, සතියක් තුළ එම වාර්තාව සෞඛ්‍ය අමාත්‍යවරයාට ලබාදෙන බවත්, සෞඛ්‍ය ලේකම් අනුර ජයවික‍්‍රම මහතා සඳහන් කළේය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.