• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

GSP+ යළි ලබාගැනීමට ජර්මානු සහාය

GSPGSP+ සහනය යළි ලබා ගැනීමේ ක්‍රියාවලියේ දී ශ්‍රී ලංකාවට පූර්ණ සහය ලබා දෙන බව ජර්මනියේ නියෝජ්‍ය චාන්සලර් සිග්මා ගේබ්රියල් මහතා පැවසීය.


පසුගිය දා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රධාන දූත පිරිස සමග ද්විපාර්ශවික සාකච්ඡා පවත්වමින් ගේබ්රියල් මහතා වැඩිදුරටත් සඳහන් කළේ පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ සිදු වූ ආණ්ඩු පෙරළියෙන් පසු රට යළි ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයකට අවතීර්ණ වී ඇති නිසා, පැරණි සබඳකම් ශක්තිමත් කරගනිමින් හැකි සෑම සහයයක්ම ශ්‍රී ලංකාව වෙත ලබා දීමට ජර්මනිය ක්‍රියා කරන බවය.

ශ්‍රී ලංකාවේ නව ආර්ථික සැලසුම් පිළිබඳව සිය ප්‍රසාදය පළ කළ නියෝජ්‍ය චාන්සලර්වරයා අධ්‍යාපන, ආර්ථික සහ ආයෝජන යන ක්ෂේත්‍රයන් තුළ ශ්‍රී ලංකාවට සහය ලබා දීම සඳහා ඉදිරිපත් වීමට ජර්මනිය කැමැත්තෙන් සිටින බව ද ප්‍රකාශ කළේය.

විශේෂයෙන්ම වෘත්තීය පුහුණු ක්ෂේත්‍රය පිළිබඳ ජර්මනිය සතු අත්දැකීම් ශ්‍රී ලංකාව වෙත ලබා ගැනීමේ අවශ්‍යතාව පිළිබඳ ව අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා පැහැදිලි කළේය. වසර 13ක අනිවාර්ය පාසැල් අධ්‍යාපන අවස්ථා සෑම සිසු සිසුවියකට ම ලබාදීමේ දී වෘත්තීය පුහුණුවෙහි ඇති වැදගත්කම පිළිබඳව ද මෙහිදී අවධාරණය කෙරිණි.

නව ලෝකයේ ප්‍රවණතාවන් හා අවශ්‍යතාවන්ට සරිලන අයුරින් වෘත්තීය පුහුණු පාඨමාලා සහ ඒවායේ විෂය නිර්දේශයන් සැකසීම පිළිබඳ ව උපදෙස් ලබා දීමට ජර්මානු විශේෂඥයන් ශ්‍රී ලංකාව ගෙන්වා ගැනීමේ අවකාශයන් සම්බන්ධයෙන් ද අදහස් හුවමාරු කර ගැනිණි.

ඒ සම්බන්ධයෙන් ජර්මනියේ විශේෂඥ දැනුම සහ සහයෝගය ශ්‍රී ලංකාවට ලබාදීමට ක්‍රියා කරන බව ජර්මානු නියෝජිත පිරිස පැවසූහ.

ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති ජෝන් රෝඩ් මහතා සහ ජර්මන් පාර්ලිමේන්තුව සහ ව්‍යවසායකයන් නියෝජනය කරන දූත පිරිසක් ද, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි, විදේශ කටයුතු අමාත්‍යංශයේ නැගෙනහිර ආසියා සහ ශාන්තිකර කලාපීය අධ්‍යක්‍ෂිකා සාවිත්‍රී පානබොක්කෙ සහ අග්‍රාමාත්‍ය විශේෂ සහයිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහු ද මේ සාකච්ඡාවට එක් වූහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.