• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා මුදල් ඇමැති හමුවේ

ambbasider AUශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් බ්‍රයිස් හචිසන් (Bryce Hutchesson) මහතා සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අතර හමුවක් පසුගිය දා මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්විණ.


ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් සේ ම දෙරට අතර පවතින ශක්තිමත් මිත්‍රත්වය සම්බන්ධයෙන් මෙහෙදී කරුණු සාකච්ඡා කෙරිණි. 

ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදනය තවදුරටත් ඉහළ නැංවීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දීමට සූදානම් බව මහකොමසාරිස්වරයා එහි දී සඳහන් කළේය. මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා එහි දී කියා සිටියේ ශ්‍රී ලංකාව දීර්ඝ කාලීන සංවර්ධන ගමනකට අවතීර්ණ වී ඇති බවයි. ඒ සඳහා ජාත්‍යන්තර සහය නිරන්තරයෙන් හිමි වන බවත්, ඕස්ට්‍රෙලියාව වැනි  දියුණු රාජ්‍යයක් දක්වන සහය අතිශය අගය කරන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.