• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

85වන ජාත්‍යන්තර පොලිස් සමුළුව අද සිට

Police day85වන ජාත්‍යන්තර පොලිස් සමුළුව අද (07) සිට ලබන 10දා දක්වා ඉන්දුනීසියාවේ බාලී නගරයේ දී පැවැත්වේ.


මෙම සමුළුවට රටවල් 190ක පොලිස් ප්‍රධානීන් සහභාගිවීමට නියමිතව ඇති අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහභාගිවනු ඇත.

මෙම සමුළුව පැවැත්වෙන කාලසීමාව තුළ දී පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඕස්ට්‍රේලියා, ඉන්දුනීසියා සහ ජපාන පොලිස්පතිවරුන් සමඟ සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.

පොලිස්පතිවරයා දිවයිනෙන් බැහැරව සිටින කාලය තුළ වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පත් පරිපාලන සී.ඩී. වික්‍රමරත්න මහතා කටයුතු කරනු ඇත.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.