• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

යහපත් රාජ්‍ය සේවයක් සඳහා පළාත් රාජ්‍ය සේවා ක‍්‍රමය අතිශය වැදගත්ය.

Rejinold kureපළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභා වල සභාපතිවරුන්ගේ වාර්ෂික සම්මේලනය යාපනයේ ග‍්‍රීන්ලන්ස් හෝටලයේ අද (07) පැවැත්විණ.

වාර්ෂික ව පැවැත්වෙන මෙම උත්සවය මෙවර පැවැත්වූයේ 20 වෙනි වරටය. මෙම උත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් උතුරු පළාත් ආණ්ඩුකාරවර රෙජිනෝල්ඩ් කුරේ මහතා සහභාගි විය.

එහිදී අදහස් දැක්වූ උතුරු පළාත් ආණ්ඩුකාරවරයා පැවසුවේ, රාජ්‍ය සේවා කොමිෂන් සභා තුළ වැඩකටයුතු කිරීමේදී මධ්‍යම රජය තුළින් ලැබෙන උපදෙස් හා නියෝග, චක‍්‍ර ලේඛ පළාත තුළ කි‍්‍රයාත්මක කිරීම සඳහාත්, රාජ්‍ය සේවය වඩාත් යහපත් කිරීම සඳහා ත්, ඒ සියලු ම දෑ උසස් මට්ටමින් පවත්වා ගෙන යාමටත්, නීති රීති හා රෙගුලාසි පවත්වා ගෙන යාමත් පළාත් රාජ්‍යසේවා කොමිෂන් සභාවට පැවරී ඇති බවත් ප‍්‍රකාශ කළ ආණ්ඩුකාරවරයා තවදුරටත් පැවසුවේ, මේ සියලු ම දෑ උපයෝගී කර ගෙන යහපත් රාජ්‍ය සේවයක් සහ යහපත් සමාජ මෙහෙවරක් කිරීම සියලු ම දෙනාගේ වගකීම හා යුතුකම බවත් ය. 

තවද 20 වෙනි වරට පවත්වනු ලැබූ මෙම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභා වල සභාපතිවරුන් ගේ වාර්ෂික සම්මේලනයට උණුසුම් සුභ පැතුම් එක් කළ ආණ්ඩුකාරවරයා මෙම සම්මේලනය සර්වප‍්‍රකාරයෙන් සාර්ථක වන්නටත් ලබන්නාවූ 2017 වර්ෂය සියලු ම දෙනාට සුභ වර්ෂයක් වන්නටත් ප‍්‍රාර්ථනා කළේය.   

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.