• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ජනපති මහාබෝධි සමාගමේ නවදිල්ලි මධ්‍යස්ථාන වෙත ගොස් ආගමික වතාවත්වල නියුතු වේ

He visit in Indiaඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ  (07) පස්වරුවේ ඉන්දියානු මහාබෝධි සමාගමේ නවදිල්ලි මධ්‍යස්ථානය වෙත ගොස් ආගමික වතාවත්වල නිරත විය.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගෙන් අනතුරුව එහි ගිය ශ්‍රී ලංකා රාජ්‍ය නායකයා ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වන අතර විහාරාධිපති පූජ්‍ය රත්මල්වල සුමිත්තානන්ද හිමිපාණන් වහන්සේ සහ ඉන්දීය ජාතික බෞද්ධ පිරිසක් විසින් එහිදී ජනාධිපතිතුමා ගෞරවයෙන් පිළිගනු ලැබීය.

විහාරාධිපති ස්වාමින් වහන්සේ විසින් ජය පිරිත් දේශනා කර ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.