• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මුදල් ඇමැති හිටපු මුදල් ඇමැතිවරුන් හමු වෙයි

Ravikarunanayakeමුදල්   අමාත්‍ය රවී කරුණානායක මහතා, හිටපු  මුදල්  අමාත්‍යවරුන් වන  චන්ද්‍රිකා  බණ්ඩාරනායක  කුමාරතුංග  මහත්මිය හා  රොනීද මැල්  මහතා අතර හමුවක් සිදු විය.
 
මුදල්  අමාත්‍ය  රවී කරුණානායක මහතා හිටපු  මුදල් අමාත්‍ය රොනිද මැල්  මහතා  හමු වූ අතර 2017 අයවැය යෝජනාවලිය  සැකසීමට  අදාළව  මෙම  හමුව සිදුවිය. කොල්ලුපිටියේ  පිහිටි රොනීද මැල් මහතාගේ නිවසේදී පැවති මෙම හමුවෙන්‍ අනතුරුව මාධ්‍යට  අදහස්  දැක්වු රවි  කරුණානායක මහතා  කියා  සිටියේ  ජනතා   අයවැයක්  රටට ඉදිරිපත්   කිරීම  සඳහා  සියල්ල සුදානම් කර  ඇති  බවයි. එහි  එක්  පියවරක් ලෙස  හිටපු  මුදල්  අමාත්‍යවරුගේ අත්දැකීම් හා  අදහස්  ලබාගැනීම  වැදගත්  බවද ඒ මහතා මෙහිදී පෙන්වා දුන්නේය.
 
 
 
අමාත්‍ය රවී කරුණානායක මහතා,  හිටපු  ජනාධිපතිනී  වන්ද්‍රිකා   බණ්ඩාරනායක කුමාරතුංග  මහත්මිය ද පසුගියදා හමු වූ  හිටපු ජනාධිපතිනිය ප්‍රකාශ කළේ ජනතාවාදි  අයවැයක් නොවැම්බර්  10 දින පාර්ලිමේන්තුවට ගෙන එනු ඇති බවට තමා  විශ්වාස කරන බවයි.
 
 
 
මෙහිදී  රවී කරුණානායක මහතා  කියා  සිටියේ  ජීවන බර  අඩුකරන,  රටේ  ආයෝජන ශක්තිමත්  කරන  ව්‍යාපෘති  ඇතුලත්   අයවැයක්  ගෙන  ඒමට  සියලු පියවර  ගෙන  ඇති  බවයි. ඒ සඳහා සියලු  අංශ  සමඟ සාකච්ඡා කර  අදහස්  ලබා ගන්නා  බවත්  රටට වෙනසක්   ගෙනෙන  අයවැයක්   නොවැම්බර්  10 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.