• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

වසර 12 ක සේවා කාලය අවසන් නොකළ ආබාධිත රණවිරුවන්ට ද ජනපති නියමයෙන් සේවා විශ‍්‍රාම වැටුප

He massage 2016.11.08වසර 12 ක සේවා කාලය අවසන් කර විශ‍්‍රාම ලැබූ රණවිරුවන්ට ලබාදෙන සේවා විශ‍්‍රාම වැටුප වසර 12 ක සේවා කාලය අවසන් නොකර ස්ව කැමැත්තෙන් වන්දි ලබා විශ‍්‍රාම ලැබූ ආබාධිත රණවිරුවන්ට ද ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් පරිදි තීරණය කර තිබේ.

 

එම තීරණය මෙම ඉල්ලීම සිදුකරමින් උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වූ රණවිරුවන්ගේ නියෝජිතයින් සමඟ ඊයේ (07) ආරක්ෂක අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවේ දී ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා විසින් ලිඛිතව ලබා දෙනු ලැබීය.

වසර 12 ක සේවා කාලය අවසන් කර විශ‍්‍රාම ලැබූ ආබාධිත රණවිරුවන්ට සහ වසර 12 ක සේවා කාලය අවසන් නොකර ස්ව කැමැත්තෙන් වන්දි ලබා විශ‍්‍රාම ලැබූ ආබාධිත රණවිරුවන්ට මේ වන විටද මූලික වැටුප සහ දුබලතා විශ‍්‍රාම වැටුප රජය විසින් ලබාදෙනු ලබයි.

වසර 12 ක සේවා කාලය අවසන් කර විශ‍්‍රාම ලැබූ ආබාධිත රණවිරුවන්ට හිමි වන සේවා විශ‍්‍රාම වැටුප පමණක් වසර 12 ක් සම්පූර්ණ නොකර ස්ව කැමැත්තෙන් විශ‍්‍රාම ලැබූ අබාධිත රණවිරුවන්ට මෙතෙක් හිමි නොවුණු අතර මේ කෙරෙහි පැවති කිසිදු රජයක ද අවධානය යොමු නොකෙරිණි.

මේ පිළිබඳ කළ ඉල්ලීම් කෙරෙහි විශේෂ අවධානය යොමු කළ ජනාධිපතිතුමා මේ වන විටත් එම සේවා විශ‍්‍රාම වැටුප ලබාදීම සම්බන්ධයෙන් කැබිනට් අනුමැතිය ලබාගැනීමේ විශේෂ කැබිනට් පති‍්‍රකාවක් ඉදිරිපත් කර තිබෙන අතර ඒ සඳහා අනුමැතිය හිමිවීමෙන් අනතුරුව ලබන වසරේ පෙබරවාරී මාසයේ සිට මෙම සේවා විශ‍්‍රාම වැටුප ලබාදීමට නියමිතය.

හමුදාවේ නීතිය අනුව අබාධිත රණවිරුවෙකුට සේවා විශ‍්‍රාම වැටුපට හිමිකම් කීමට සෙසු නිලයන් වසර 12 ක සේවා කාලයක් ද නිලධාරින් වසර 10 ක සේවා කාලයක් සපුරා තිබිය යුතුය.

මෙය රජයේ කිසිඳු නිළධාරියෙකුට හිමිවන වරප‍්‍රසාදයක් නොවන අතර ආබාධිත රණවිරුවෙකුට හිමි වන්දි මුදල ද මෙම රණවිරුවන් දැනටමත් ලබාගෙන ඇති අතර එම කරුණුද නොතකා ජනාධිතිතුමා විසින් රජයට අධික වැය බරක් දැරීමට සිදුවුවත් මෙම සේවා විශ‍්‍රාම වැටුප ලබාදීමට තීරණය කර ඇත.

එමෙන්ම මෙම සියලූ නිලධාරින් ස්ව කැමැත්තෙන් වන්දි ලබා 2008 වසරට පෙර විශ‍්‍රාම ගනු ලැබුව ද පසුගිය වසර 08 ක කාලයක් තිස්සේ මෙම ඉල්ලීම සම්බන්ධයෙන් කිසිඳු උද්ඝෝෂණ කි‍්‍රයාවලියකට ද අවතීර්ණ නොවීය.

මෙම සේවා විශ‍්‍රාම වැටුප වසර 12 කට අඩු කාලයක් සේවයේ නියුතු ආබාධිත රණවිරුවන් වෙත ලබාදීම සන්නද්ධ හමුදා විශ‍්‍රාම වැටුප් හා පාරිතෝෂිත ව්‍යවස්ථා සංග‍්‍රහයේ ප‍්‍රතිපාදනවලට පටහැනි වුවත් ගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි එම සියලු නීති රෙගුලාසී සංශෝධනය කරමින් සේවා විශ‍්‍රාම වැටුප මෙම රණවිරුවන්ට ද ලබාදීමට තීරණය කර තිබේ.

එමෙන්ම මේ වන තෙක් වසර 55 න් පසු ආබාධිත රණවිරුවන් හට දුබලතා විශ‍්‍රාම වැටුප ලබා නොදුන් අතර ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි සියලු ආබාධිත රණවරුවන්ට විශ‍්‍රාම ගැනීමෙන් පසුව ද ජීවිත කාලය පූරාම සිය මූලික වැටුප සහ දුබලතා විශ‍්‍රාම වැටුප ලබාදීමටද මෙවර අය වැය මඟින් කටයුතු සම්පාදනය කර ඇත.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.