• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

අමෙරිකානු ජනපති සටනේ ජය ඩොනල්ඩ් ට්‍රම්ප්ටයි

Amarican HEඅමෙරිකානු ජනාධිපතිවරණ සටනින් ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් පරාජය කරමින් රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කර තිබේ.ඒ ජනාධිපතිවරයා බවට පත්වීමට ලබාගත යුතු ඡන්ද විද්‍යාල 270ක බලය සපුරා ගනිමිනි.

අමෙරිකාවේ මැතිවරණය පැවැති ප්‍රාන්ත 50න් මෙතෙක් නිකුත් වී ඇති ප්‍රතිඵලවලට අනූව ඩොනල්ඩ් ට්‍රම්ප් ඡන්ද කොට්ඨාස 276ක් ජයගෙන ඇති අතර හිලරි ක්ලින්ටන්ට ජය ගැනීමට හැකිව ඇත්තේ ඡන්ද කොට්ඨාස 218ක් පමණි.

අමෙරිකානු ප්‍රාන්ත 50 වෙසෙන ජනතාව ප්‍රකාශ කර ඇති ඡන්ද සංඛ්‍යාව අනූව එක් එක් ප්‍රාන්තයෙන් එක් එක් අපේක්ෂකයාට හිමිවන ඡන්ද කොට්ඨාස සංඛ්‍යාව මත පදනම්ව ජයග්‍රහණය තීරණය කරනු ලැබේ.ඒ අනූව ප්‍රාන්ත 50හේ සම්පූර්ණ ඡන්ද කොට්ඨාස  සංඛ්‍යාව එසේත් නැති නම් ඡන්ද විද්‍යාල සංඛ්‍යාව 538ක් වන අතර ජයග්‍රහණය සඳහා අපේක්ෂකයෙකු ලබාගත යුතු ඡන්ද විද්‍යාල සංඛ්‍යාව අමෙරිකානු මැතිවරණ ක්‍රමයට අනූව 270කි.

ඒ අනූව හිලරි ක්ලින්ටන් අභිබවමින් ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වන විට ඡන්ද කොට්ඨාස 276ක ජයග්‍රහණය තහවුරු කරගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.මෙම ජයග්‍රහණයත් සමග අමෙරිකාවේ 45 වැනි ජනාධිපතිවරයා බවට පත්වීමට ට්‍රම්ප්ට අවස්ථාව ලැබී ඇති අතර අමෙරිකානු ජනාධිපතිවරණ ඉතිහාසයේ ජනපතිනිය වූ පළමු කාන්තාව බවට පත්වීමට තිබූ අවස්ථාවද හිලරිට අහිමිවිණ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.