• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ඇමරිකාවේ නව ජනපතිට ජනපතිගෙන් උණුසුම් සුබපැතුම්

mithripalasirisenaඇමරිකානු ජනාධිපතිවරණයෙන් ඓතිහාසික ජයග‍්‍රහණයක් ලබා ඇමරිකාවේ 45 වන ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ඩොනල්ඞ් ට‍්‍රම්ප් මහතාට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සිය උණුසුම් සුබපැතුම් පිරිනමයි.

 ඩොන්ල්ඞ් ට‍්‍රම්ප් මහතා වෙත විශේෂ සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිතුමා සඳහන් කළේ ඩොනල්ඞ් ට‍්‍රම්ප් මහතා ලබන ජනවාරී මාසයේ එක්සත් ජනපදයේ 45 වන ජනාධිපතිවරයා ලෙස ධූරයේ කටයුතු භාරගත් පසු දෙරට අතර සබඳතා වඩා උසස් අදියරකට ගෙන යාම සඳහා පූර්ණ සහයෝගයෙන් කටයුතු කිරීමට තමා අපේක්ෂාවෙන් පසු වන බවයි.

ජනාධිපතිතුමා නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහත පරිදි වේ.

"ශී‍්‍ර ලංකාව සහ එක්සත් ජනපදය අතීතයේ පටන් ශක්තිමත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සම්ප‍්‍රදායන් හා පොදු අගයන්ගෙන් බැඳි සිටිති.

2015 ජනාධිපතිවරණයෙන් මා ජනාධිපති ධූරයට පත්ව, සම්මුතිවාදී රජය පිහිටවූ පසු ශී‍්‍ර ලංකාව සහ එක්සත් ජනපදය අතර සබඳතා වඩාත් ශක්තිමත් අදියරකට පත් විය.

මෙම ශක්තිමත් සබඳතා පිළිබඳ ආඩම්බර වන මම සහ මගේ රජය, ඔබතුමාගේ ජයග‍්‍රහණය සමග පත්වන නව රජය යටතේ එම ද්විපාර්ශවීය සබඳතා හා මිත‍්‍රත්වය තවදුරටත් පුළුල් වනු ඇති බව විශ්වාස කරමි.

ශී‍්‍ර ලාංකික සම්භවයක් සහිත විශාල ජනතාවක් එක්සත් ජනපදයේ වෙසෙන අතර ඔවුන්ගෙන් දෙරටේ ජනතාව අතර බැඳිම් සවිමත් කර ගැනීමට මෙන්ම දෙරට අතර ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කර ගැනීමට විශාල සේවයක් සිදුවන බව ද සඳහන් කරනු කැමැත්තෙමි.

ඔබතුමා ලැබූ ඓතිහාසික ජයග‍්‍රහණය වෙනුවෙන් ශී‍්‍ර ලංකා රජය සහ ජනතාව වෙනුවෙන් ද පෞද්ගලිකව මාගේ ද උණුසුම් සුබපැතුම් පළ කරමි."

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.