• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

සියලු ජනතාවගේ අපේක්ෂාවන් ඉටුවන, දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් සහිත සංවර්ධනාත්මක අයවැයක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා

bgt2017 speechසියලු ජනතාවගේ අපේක්ෂාවන් ඉටුවන, දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් සහිත, සංවර්ධනාත්මක අයවැයක්, අද (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි.

අවසන් පැය කිහිපය තුළ අයවැය සකස් කිරීමේ නිරතවී සිටින මුදල් අමාත්‍යවරයා, අවධාරණය කළේ රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා මෙවර අයවැය තුළ මූලික අවධානය යොමුකොට ඇති බවයි.

2017 වසරේ අයවැය, සකස් කිරීමේ දී ජනතා අදහස් සඳහා ප්‍රමුඛත්වය ලබාදුන් බවත්, සමාජයේ සියලු ජන කොටස් නියෝජනය වන පරිදි, ඔවුන්ගේ අවශ්‍යතා හා යෝජනා, සැලකිල්ලට ගත් බවත්, අමාත්‍යවරයා කියා සිටී. 

ඒ අතර ගොවි, ධීවර, කම්කරු, සුළු හා මධ්‍ය පරිමාණ මෙන් ම මහා පරිමාණ ව්‍යාපාරිකයින්, ස්වයං රැකියාලාභීන්, කර්මාන්තකරුවන්, ආයෝජකයින්, වෘත්තීය සමිති නියෝජිතයින්, සිවිල් සංවිධාන, දේශපාලන පක්ෂ, වෘත්තීයවේදීන්, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, මහාචාර්යවරුන්, ආගමික නායකයින් වැනි විශාල පරාසයක්, ඊට ඇතුළත් බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.