• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

වියළි කාලගුණික අවස්ථාවන් හිදී පත්වන අසීරුතාවයන් අවම කිරීම පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප‍්‍රධානත්වයෙන්

President meeting about dry zoneවියළි කාලගුණික තත්ත්වයන්හිදී උතුරු මැද පළාතේ වැව් සහ ජලාශ වල ජල මට්ටම පහත යාමට නොදී ජලය රඳා පවත්වා ගැනීම සඳහා වූ තවත් යෝජනා සහ සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා සහ අදාළ නිළධාරීන් අතර අද (11) පස්වරුවේ පැවැත්විණි.
ජනාධිපති කාර්යාලයේදී පැවැති මෙම සාකච්ඡාවේ දී වැසි රහිත කාලවලදී වැව් සහ ජලාශ වල ජල මට්ටම රඳා පවත්වා ගැනීම සඳහා රජය මේ වනවිටත් ගෙන ඇති ක‍්‍රියාමාර්ග පිළිබඳව ද අදහස් පළ කෙරිණි.

එමෙන්ම තව දුරටත් ජල අවශ්‍යතාවය වෙනුවෙන් යෝජිත නව ක‍්‍රමවේදයන්ට අනුගතව මහවැලි ගංගාවෙන්, කාලිංගනුවර ප‍්‍රදේශයේ සිට අංගමැඩිල්ල අමුණ දක්වාත් අංගමැඩිල්ල අමුණේ සිට මින්නේරිය වාරි පද්ධතිය දක්වාත් ජලය පොම්ප කිරීමේ ඇති හැකියාව පිළිබඳව ද අදාළ නිලධාරීන් ජනාධිපතිතුමා දැනුවත් කළහ.

මෙම නව යෝජනාව සම්බන්ධයෙන් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේත්, වනජීවී සහ වාරිමාර්ග යන දෙපාර්තමේන්තු වලත් ඉහළ නිලධාරීන් සාකච්ඡා කර තාක්ෂණික කමිටුවක් පිහිටුවා ඉදිරි සතියක් ඇතුළත වාර්තාවක් ලබා දෙන ලෙසත් ඉන් අනතුරුව ඉදිරි ක‍්‍රියාමාර්ග ගැනීමටත් මෙහිදී ජනාධිපතිතුමා තීරණය කළේය.

මේ අවස්ථාවට අදාළ අමාත්‍යාංශ ලේකම්වරු, දෙපාර්තමේන්තු ප‍්‍රධානීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.