• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

වසර 2019 වන විට නිවාස ලක්ෂ 5ක්

houseඉදිරි වර්ෂ තුන තුළ නිවාස ලක්ෂ පහක් අලුතින් ඉදිකර  ඉතාමත් සහනදායී මිලකට ජනතාව වෙත ලබාදීමට වැඩසටහනක් දැනටමත් ආරම්භ කර ඇති බව නිවාස අමාත්‍යාංශය පවසයි.
මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනුයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සංකල්පයක් මත, නිවාස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ මෙහෙයවීම මතයි. මෙසේ ඉදිකරනු ලබන නිවාස යටතේ වාද්දුව හා හෝමාගම නිවාස ව්‍යාපෘති මේ වන විටත් නිම කර ඇති බවත්, ජාඇළ ව්‍යාපෘතිය ඉදි කරමින් තිබෙන බවත්, රාගම නිවාස ව්‍යාපෘතියට පසුගිය 9 වැනිදා මුල් ගල් තැබූ බවත් අමාත්‍යාංශය පවසයි.

අඩු හා මධ්‍ය ආදායම් පවුල් සඳහා නිවාස ලක්ෂ 5ක් ලබාදීමේ වැඩසටහන යටතේ ඉදිරි අවුරුදු තුන තුළදී මැදි ආදායම් කාණ්ඩය සඳහා නිවසක් රුපියල් මිලියන 5 බැගින් වන නිවාස ඒකක 100,000 ක් ද අඩු ආදායම් ලාභීන් සඳහා රුපියල් මිලියනයක් බැගින් නිවාස 250,000 ක් ද ඉදි කෙරෙන අතර මේ සඳහා වන ඉඩම් රජයෙන් ලබා දෙන අතර පෞද්ගලික අංශය මඟින් නිවාස ඉදි කරනු ලැබේ.

මෙහිදී පෞද්ගලික අංශයට අවශ්‍ය පරිදි නිවාස මිල තීරණය කිරීමට අවකාශ ලබා නොදෙන බව එම අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

මේ නිවාස ව්‍යාපෘතිය යටතේ වැවිලි ක්ෂේත්‍රයේ ජනතාව වෙනුවෙන් නිවාස 25,000ක් ඉදිකිරීමට කටයුතු කරනු ලැබේ. මෙවර අයවැයෙන් මේ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබාදී ඇත.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.