• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

අද රටට අවශ්‍ය වන්නේ සමස්ත ශී‍්‍ර ලාංකිකයින් එක්ව රට ගොඩනැගීමේ ජාතික පොදු න්‍යාය පත‍්‍රයක් බව ජනපති පවසයි.

He participated Vings confferenceජාතියේ අනාගතය පිළිබඳ න්‍යාය පත‍්‍රය එක් එක් අයගේ බලය සහ පෞද්ගලිකත්වය මුල්කරගත් දේශපාලන න්‍යාය පත‍්‍රවලින් යට නොකළ යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.
ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (13) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති “වින්ග්ස් 2016 අපේක්ෂාවේ පියාසැරිය” කලා උළෙලේ සමාප්ති උත්සවය අමතමනි.

සංහිඳියාවේ සහ ජාතික සමගියේ අවශ්‍යතාවය අඩු තක්සේරුවකට ලක්කළ නොහැකි බවද මෙහිදී අවධාරණය කළ ජනාධිපතිතුමා රට තුළ සංහිඳියාව ගොඩනැගීමට රජය ගෙන යන වැඩපිළිවෙළ ෆෙඩරල් සංහිඳියාවක් යැයි පවසමින් ඇතැමුන් එය අපහාසයට උපහාසයට ලක් කරන බවත් රටේ සහ ජාතියේ හෙට දවස මෙන්ම ජනතාවගේ අනාගතය සමග සෙල්ලම් නොකරන ලෙස තමා ඔවුන්ගෙන් ඉල්ලා සිටින බවත් කියා සිටියේය.

බලය ලබා ගැනීමට රටක් ඉතිරිවිය යුතු අතර රටේ හෙට දවස වෙනුවෙන් ජාතික සංහිඳියාව ගොඩනැඟිමට සියලුදෙනා එක්විය යුතු බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

සංස්කෘතිය සහ කලාව ජාතික සංහිඳියා වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට ඉතා වැදගත් සාධකයක් බව ද පෙන්වා දුන් ජනාධිපතිතුමා සියලු ජන කොටස් අතර සමගිය, සහයෝගය සහ මිත‍්‍රත්වය ගොඩනැඟීමට එය ඉවහල්වන බව ද කියා සිටියේය.

ශී‍්‍ර ලංකාවේ ජාතික සමගිය සහ සංහිඳියාව ප‍්‍රවර්ධනය කිරීමේ අරමුණින් ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය, ශී‍්‍ර ලංකා කලා මණ්ඩලය, යුරෝපා සංගමය, ජර්මන් සංවර්ධන සහයෝගීතාවය සහ ශී‍්‍ර ලංකාවේ කෙයා ආයතනයේ සම සංවිධානයෙන් සහ සම අනුග‍්‍රාහකත්වයෙන් මෙම කලා උළෙල සංවිධානය කර තිබුණි.

ලංකාවේ දිස්ති‍්‍රක්ක නවයක තරුණ කලාකරුවන් සහ 200 කට වැඩි ප‍්‍රවීණ කලාකරුවන්ගේ සහභාගිත්වයෙන් පසුගිය 21 වනදා කිලිනොච්චියෙන් ආරම්භ වූ වැඩසටහන ඔක්තෝම්බර් 21,22,23 කිලිනොච්චියේදීත්, 27,28,29 අම්පාරේදීත් නොවැම්බර් 07 වනදා සිට අද දක්වා කොළඹදීත් පැවැත්විණි.

මීට සමගාමීව 11, 12,13 යන දිනයන්හි ගී‍්‍රන් පාත්හි නෙළුම් පොකුණ මාවතේ ආහාර උළෙලක් සංවිධානය කර තිබූ අතර සෑම සංස්කෘතියකටම අයත් ආහාර පාන එහි ඇතුළත්ව තිබුණි.

ඊයේ පැවති සමාප්ති උත්සවයට සමඟාමී ව විද්වත් සමුළුවක් ද සංවිධානය කර තිබුණි.
ජාතික සමගිය සහ සංහිඳියාව පිළිබඳ කාර්යාංශයේ සභාපතිනි, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි යන මහත්ම මහත්මීන් ද දෙස් විදෙස් සම්භාවනීය ආරාධිත පිරිසක් ද, විද්වත් විශාල පිරිසක් ද සමාප්ති උත්සවයට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.