• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ජනවාරි අටට එරෙහි අභියෝග ජයගැනීමට ආත්මශක්තිය තමා සතු බව ජනපති පවසයි

He went Rawaya news paper An දුෂිතයන් වටා පමණක් නොව යහපත් රටක් වෙනුවෙන් අප ඉලක්ක කොට ගත් සියලු අරමුණු වටා වළලු සෑදී ඇති බවත් එසේ වුවද, ඒ සියල්ල ජයගැනීමට අවශ්‍ය ආත්මශක්තිය තමා සතුව ඇති බවත් ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා සඳහන් කළේය.

ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේ, රාවය පුවත්පතට තිස් වසරක් සම්පූර්ණවීම නිමිත්තෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ ඊයේ (15) සන්ධ්‍යාවේ පැවති විද්වත් කථිකාවට එක්වෙමිනි.රාවය ඇතුළු මාධ්‍යවල නිර්ධය විවේචනයන්ට තමා නිරතුරුව මුහුණදෙන බව පැවසු ජනාධිපතිතුමා සියලුදෙනාගේ ගෞරවයට හා විශ්වාසයට හේතුවන ලස්සන රටක් දැකීම රාවයේ මෙන්ම තමාගේත් අරමුණ බවත් ඒ අරමුණු වෙනුවෙන් යන ගමනේදී සහයෝගයෙන් හා අවබෝධයෙන් යුතුව යන්නේ නම් එය වඩාත් පහසුවනු ඇති බවත් සඳහන් කළේය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතිකම තමා භාරගැනීම වික්ටර් අයිවන් මහතා ප‍්‍රමුඛ දිගුකාලීන මිතුරන් බොහෝදෙනෙකුගේ දැඩි විවේචනයට ලක් වුව ද, දහ නව වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම ඇතුළු යහපාලන රජයේ අපේක්ෂා ඉටුකර ගැනීමට ඉන් ලැබුණු සහාය අවතක්සේරු කළ නොහැකි බව ද ජනාධිපතිතුමා මෙහිදී සිහිපත් කළේය.

ජනවාරි 8 ජයග‍්‍රහණයෙන් පසුව දින සියයේ වැඩපිළිවෙළ තමාට භාරදුන්නේ විපක්ෂයට වැඩි බලයක් ඇති පාර්ලිමේන්තුවක් සමග බව කී ජනාධිපතිතුමා එම අභියෝගය ජයගැනීමට තමාගේ පක්ෂ සභාපතිකම පිටිවහලක් වූ බව අමතක නොකළ යුතු බව ද සඳහන් කළේය.එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිතුමා පැවසුවේ, ජාතික ලැයිස්තුවෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත‍්‍රීවරුන් පත්කිරීම පිළිබඳව දැඩි විවේචන එල්ල වුවද එම පිරිස මැතිවරණයෙන් පරාජය වූයේ, හිටපු නායකයින්ගේ සංවිධානාත්මක ප‍්‍රචාරක වැඩපිළිවෙළින් බවත් දින සියයේ වැඩපිළිවෙළ ඉටුකර ගැනීමට මෙන්ම ඉදිරි පියවරවලදීත් පක්ෂයේ විශ්වාසවන්ත කණ්ඩායමක් තමා වටා සිටීම අත්‍යවශ්‍ය බවත් ය.

රාවය තිස්වැනි සංවත්සරය වෙනුවෙන් පැවැත්වු තරුණ විචාරකයින්ගේ තරගයේ ජයග‍්‍රාහකයින්ට තිළිණ සහ සහතිකපත් පිරිනැමීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදුවූ අතර අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, විපක්ෂ නායක ආර්. සම්බන්දන්, මුස්ලිම් කොංග‍්‍රසයේ නායක අමාත්‍ය රාහුෆ් හකීම්, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සහ රාවය උපදේශක කර්තෘ වික්ටර් අයිවන් යන මහත්වරු එහි පැවති විද්වත් කථිකාව හමුවේ අදහස් පළ කළහ.

ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක, නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන ඇතුළු මැතිඇමතිවරුන්, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්, පුවත්පත් හිමිකරුවන් සහ මාධ්‍යවේදීන්, කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.