• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

නව මාධ්‍ය වෙත පරිවර්තනයවීමට කාලය උදා වෙලා

rangakalansooriyaපුවත්පත් හා ඒ ආශ්‍රිත ප්‍රකාශනයන් අභිබවමින් නව මාධ්‍ය ඉදිරියට පැමිණෙන බවත් ඒ සඳහා පරිවර්තනය වීමට කාලය උදා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලන්සූරිය මහතා පැවසීය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (16) මීල්පාර්වෛ පුවත්පතේ 20වැනි සංවත්සර සැමරුම සහ සම්මාන ප්‍රදානෝත්සවයට එක්වෙමිනි. මෙම උත්සවය කොළඹ තැපැල් මූලස්ථානයේ දී පැවැත්විණි.

වර්තමානයේ සමාජ මාධ්‍ය ජනතා මතයන් ඇති කිරීමේ ප්‍රබල මාධ්‍යයක් ලෙස කටයුතු කරන අතර ඒවා හසුරුවන්නන් හට ජාතික සමගිය සඳහා එම මාධ්‍ය භාවිත කිරීම පිළිබඳ ව මනා අවබෝධයක් ලබායුතු යැයි ද කීය.

ලංකාවේ  දෙමළ මාධ්‍ය පුවත්පත් පසුගිය දශක කිහිපය තුළ දැඩි ලෙස කඩාවැටීමකට ලක් වූ බවත් භාෂාව අනූව නොව සංස්කෘතිය අනූව මාධ්‍ය කලාවක් බිහිවිය යුතු බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

මීල්පාර්වෛ වැනි පුවත්පත් අතීතයේ දී තම ලාභය හෝ පටු අරමුණු නොතකා ජාතික සංහිඳියාව වෙනුවෙන් කැපවී කටයුතු කළ බවත් එවැනි සහයෝගයක් වර්තමානයේ දී රට ගොඩනැගීමේ ක්‍රියාවලියේ දී ශ්‍රී ලාංකිකයන් ලෙස එක්ව කටයුතු කිරීමට ද ලබාදිය යුතු බවත් කලන්සූරිය මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.