• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

පැරණි ලේඛන සංරක්ෂණය කිරීම යනු රටක ඉතිහාසය සංරක්ෂණය කිරීමයි – ජනපති අවධාරණය කරයි

He presidentපැරණි ලේඛන සංරක්ෂණය කිරීම යනු රටක ඉතිහාසය සංරක්ෂණය කිරීමක් බව ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.ලේඛනාගාර හා ලේඛනාරක්ෂක සේවාව විධිමත් කිරීම පිළිබඳව ජනාධිපති කාර්යාලයේ ඊයේ (17) පස්වරුවේ පැවති විශේෂ සාකච්ඡාවක දී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

දැනට ලේඛනාගාර වල පවතින වසර සියය ඉක්මවූ ඓතිහාසික තොරතුරුමය වටිනාකමකින් යුත් ලේඛන නවීන තාක්ෂණය භාවිතා කරමින් සංරක්ෂණය කිරීමේ වැදගත්කම පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.

එමෙන්ම දැනට ලේඛනාරක්ෂක සේවාවේ පවතින අවිධිමත් භාවයට පිළියම් වශයෙන් ලේඛනාගාර දෙපාර්තමේන්තු සංවර්ධනය කිරීම, මානව සම්පත් හා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම වැනි කරුණු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

පැරණි ලිපි ලේඛන ආරක්ෂා කිරීම සඳහා ඊට අදාළ කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කරන ලෙස ද මෙහිදී ජනාධිපතිතුමා විෂය භාර අමාත්‍යවරයාට උපදෙස් දුන්නේය.ආර්ථික, දේශපාලනික, සංස්කෘතික, සමාජ සහ අධ්‍යාපනික යන සියලු ක්ෂේත‍්‍රයන්ට අදාළ වැදගත් තොරතුරු සංරක්ෂණය කිරීමට නිසි වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ද ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන් අතර මේ පිළිබඳ රාජ්‍ය යාන්ත‍්‍රණයේ සියලු නිලධාරීන් දැනුවත් කිරීමට විශේෂඥ දැනුම ලබා ගන්නා ලෙසත්, මහජනතාව දැනුවත් කිරීම සඳහා යම් වැඩපිළිවෙළක් සකස් කරන ලෙසත් උපදෙස් දුන්නේය.

අමාත්‍යවරුන් වන වජිර අබේවර්ධන, රංජිත් මද්දුම බංඩාර, එස්.බී. නාවින්න, අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන් ද ජාතික ලේඛනාරක්ෂක දෙපාර්මේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය සරෝජා වෙත්තසිංහ මහත්මිය ද අමාත්‍යාංශ ලේකම්වරුන්, දිස්ත‍්‍රික් ලේකම්වරු සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.