• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මාතෘ භූමිය වෙනුවෙන් කළයුත්තේ පහසු කාර්යයන් නොව අසීරු කාර්යයන්ට මුහුණදී ඒවා ජයග‍්‍රහණය කිරිම බව ජනපති පවසයි.

He presidentමාතෘ භූමිය වෙනුවෙන් කළයුත්තේ පහසු කාර්යයන් නොව වඩා අසීරු කාර්යයන්ට මුහුණදී ඒවා ජයග‍්‍රහණය කිරීම බව ජනාධිපතිතුමා පවසයි.

ඉතිහාසයේ සිදුවූ අඩු පාඩු සහ වැරදි නිවැරදි කර ගනිමින් මාතෘ භූමිය වෙනුවෙන් නව ගමනක් යාමට රටේ ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙක අද එකම වේදිකාවකට පිවිස ඇති බව පැවසු ජනාධිපතිතුමා කොතෙක් විවේචන සිදුකළ ද රටේත්, ජනතාවගේත් ජයග‍්‍රහණය උදෙසා එම ගමන ඉදිරියටම යන බව අවධාරණය කළේය.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අද (18) පෙරවරුවේ බුලත්සිංහල, මදුරාවල ප‍්‍රදේශයේ සංචාරයක නිරතවෙමින් සංවර්ධන කටයුතු රැසකට එක් වෙමිනි.බෙදීමට වඩා එක්වීම වැදගත් බවත් ශී‍්‍ර ලංකාවේ ඓතිහාසික පදනමත්, ශ්‍රේෂ්ඨ සංස්කෘතිය සහ ගෞරවනීය ඉතිහාසයත් ආරක්ෂා කර ගනිමින් පෙර රජ දවස පැවති ශී‍්‍ර විභූතිය නැවත රටට කැඳවා සමෘද්ධිමත් ශී‍්‍ර ලංකාවක් ගොඩනැගීමට සියලුදෙනා එක්විය යුතු බවද ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේය.හොරණ අධ්‍යාපන කලාපයේ, මදුරාවල මහා විද්‍යාලයේ නව ශ‍්‍රවණාගාරය සිසු අයිතියට පවරාදීමේ අවස්ථාවට ජනාධිපතිතුමා ප‍්‍රථමයෙන් එක් විය.

විද්‍යාලය වෙත පැමිණි ජනාධිපතිතුමා සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගත් අතර ජනාධිපතිතුමා සිසු දරුවන්ගේ තොරතුරු විමසමින් ඔවුන් සමග සුහද කථා බහක ද නිරත විය.මේ අතර බුලත්සිංහල, මදුරාවල හෙන්රි ජයවර්ධන අනුස්මරණ මහජන පුස්තකාලය විවෘත කිරීමේ අවස්ථාවට ද ජනාධිපතිතුමා එක් විය.මෙම අවස්ථාව සංකේතවත් කරමින් පුස්තකාල පරිශ‍්‍රයේ සඳුන් පැළයක් රෝපණය කිරීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණු අතර නව පුස්තකාලයේ ප‍්‍රථම පාඨක සාමාජිකත්ව කාඩ්පත නිකුත් කිරීමද ජනාධිපතිතුමා අතින් සිදුවිය.

එමෙන්ම අඟුරුවාතොට බහුකාර්ය මධ්‍යස්ථානය විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.සමරු ඵලකය නිරාවරණය කර නව බහුකාර්ය මධ්‍යස්ථානය ජනතා අයිතියට පවරාදුන් ජනාධිපතිතුමා එහි ආයුර්වේද වෛද්‍ය සායනයේ ප‍්‍රථම රෝගියා ලියාපදිංචි කිරීමේ අවස්ථාවට ද එක් විය.අමාත්‍ය මහින්ද සමරසිංහ, බස්නාහිර පළාත් ආණ්ඩුකාර කේ.සී.ලෝගේෂ්වරන්, ප‍්‍රධාන අමාත්‍ය ඉසුරු දේවප‍්‍රිය, පළාත් අමාත්‍ය රංජිත් සෝමවංශ යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයින් රැසක් ද ප‍්‍රදේශවාසී ජනතාව විශාල පිරිසක් ද මෙම අවස්ථාවන්ට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.