• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

අධ්‍යාපන ඇමැතිගෙන් නව චක්‍රලේඛයක්

Hon.Akila wirajeවිවිධ අවස්ථාවන්හිදී පාසල් ගුරුවරුන් සඳහා තෑගි භෝග ලබාදීමට මවුපියන්ගෙන් මුදල් එක්රැස් කිරීම, එලෙස තෑගි භෝග ලබා ගැනීම සහ ඒ සඳහා බලපෑම් කිරීම වළකාලමින් නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට පියවර ගත් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

 "ළඟම පාසල හොඳම පාසල" ජාතික වැඩසටහන යටතේ කුලියාපිටිය නක්කාවත්ත මහින්ද ජාතික පාසල සඳහා නව දෙමහල් ගොඩනැගිල්ලකට මුල්ගල තැබීමේ සහ නවීකරණය කොට ඉදිකරන ලද පුස්තකාලය සිසු අයිතියට පත්කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මෙවැනි තත්ත්වයන් හරහා නිදහස් අධ්‍යාපනයේ අයිතියට බලපෑම් එල්ල වී ඇති බවත් ඇතැම් විට දරුවන් පාසල තුළදී මානසික පීඩනයන්ට ලක් වීම සඳහා මෙවැනි කටයුතු හේතු වී ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මාපියන්ගෙන් ලැබුණු සංවේදී ඉල්ලීම් රැසක් සළකා බැලීමෙන් අනතුරුව තමා මෙම තීරණයට එළැඹි බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.