• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

අංකුඹුර පොලිස් වසමේ සිද්ධිය ගැන පරීක්ෂණයට පොලිස් කණ්ඩායම් 6ක්

policeඅංකුඹුර  පොලිස් වසමේ බැබිල ගොල්ල මුස්ලිම් දේවස්ථානය අසල මහාමාර්ගයේ රැඳී සිටි පුද්ගයන් දෙදෙනෙකු ඉල්කක කර ගනිමින් කාර් රථයකින් පැමිණි සන්නද්ධ කණ්ඩායමක් විසින් ඊයේ (20) සිදු කළ වෙඩි තැබීමක් හේතුවෙන් එක් පුද්ගලයෙකු එම ස්ථානයේ ම සිය ගොස් ඇති අතර අනෙක් පුද්ගලයා ප්‍රතිකාර කිරීම සඳහා රෝහල් කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

අපරාධය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මධ්‍යම පළාත මෙහෙයවීම මත පොලිස් විමර්ශනය කණ්ඩායම් 06ක් පරීක්ෂණ පවත්වනු ලබන බව පොලීසිය පෙන්වා දෙයි.

මෙම වෙඩි තැබීම සිදු කළ බවට සැක කරන සන්නද්ධ කණ්ඩායමේ සාමාජිකයෙකු වෙඩි තැබීම සිදු කළ ස්ථානයේ සිට කිලෝ මීටර් 04ක් පමණ දුරින් පිහිටි කබල්ගස් තැන්න නැමැති ප්‍රදේශයේ දී මහජනතාවගේ සහයෝගය මත පොලීය විසින් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු සතුව තිබී වෙඩි තැබීමට උපයෝගි කර ගත් බවට සැකකරන ටී 56 ගිනි අවියක් සහ එම උණ්ඩ 20ක් ද පොලීය අත්අඩංගුවට ගෙන ඇත. මෙම සැකකරු වයස අවුරුදු 30ක් වන මොහොමඩ් අලි නැමැති නුවර මහයියාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මෙම සන්නද්ධ කණ්ඩායම ගමන් කළ අංක 301- 2218 දරණ රතු පැහැති මෝටර් රථය පූජාපිටිය ප්‍රදේශයේ දමා ගොස් තිබියදී පොලීසිය විසින් සොයාගෙන ඇත. මෙම අපාරාධයට සහභාගි වූ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට මේ වන විට ප්‍රදේශය පුරා පොලිස් මෙහෙයුමක් ක්‍රියාමත්මක වෙමින් පවතී.

මියගිය හා තුවාල ලැබූ පුද්ගයින් දෙදෙනා මුස්ලිම් ජාතිකයන් වන අතර අත්අඩංගුවේ පසුවන සැකකරු ද මුස්ලිම් ජාතිකයෙකි. මෙම අපරාධය සිදු කිරීමට පැමිණි අනෙකුත් දෙදෙනා මුස්ලිම් ජාතිකයින් වන බවට කරුණු හෙළි වී ඇති අතර මෙම සිද්ධිය ව්‍යාපාර හෝ පෞද්ගලික අමනාපයක් මත සිදු වූ බවට පොලීසිය සැකකරයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.