• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

IMF දෙවැනි වාරිකයට ලබාදීමට අනුමැතිය

ravikarunanayakeශ්‍රී ලංකාවේ ආර්ථික දිශානතිය පිළිබඳ ව පවතින විශ්වාසනීය භාවය තවදුරටත් තහවුරු කරමින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙම වසරේ  ශ්‍රී ලංකාවට ලබාදීමට යෝජිත දෙවැනි ණය වාරිකය ද අනුමත කළ බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.


ඒ අනුව ඩෝලර් මිලියන 162.6 ක ණය මුදල  ශ්‍රී ලංකාවට ලබා දීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පසුගිය 18 වැනි දා තීරණය කර ඇති බව ද ඒ මහතා සඳහන් කරයි.


පාර්ලිමේන්තු සංකීරණයේදී  මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් පසුගියදා අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදීමට යෝජිත සමස්ත ණය මුදල ඇමරිකානු ඩොලර් මිලියන 1500 ක් වන අතර, එම  මුදල වසර තුනක කාලයක් ඇතුලත ලබා දීමට නියමිත ය. 

2016 වසර සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 325.2 ක ණය මුදලක් වෙන් කළ අතර එහි පළමු වාරිකය වන ඇමරිකානු ඩොලර් මිලියන 162.6ක  මුදල පසුගිය  ජුනි මාස ශ්‍රී ලංකාවට ලබා දෙන ලදී.


එහි දෙවැනි ණය වාරිකය වන ඇමරිකානු ඩොලර් මිලියන 162.6 ට, අදාළ දෙවැනි වාරිකය පසුගිය 18 වැනි දා වොෂිංටන්හී පිහිටි (IMF) ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මුලස්ථානයේ පැවති විධායක අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීමේදී අනුමත කර තිබෙන බව ද මුදල් අමාත්‍යාංශව වැඩිදුරත් සඳහන් කරයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.