• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ තරගාවලියේ ලෝකඩ පදක්කම යාපනයට

NP Governorපොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ තරගාවලිය මලයාසියාවේදී පසුගියදා පවත්වන ලදී.

එහිදී 58KG ඛාණ්ඩය යටතේ පැවති තරගයෙන් තෙවෙනි ස්ථානය දිනාගෙන ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ යාපනයේ චුන්ඩුකුලී බාලිකා විද්‍යාලයේ 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන V.අර්ශිකා සිසුවිය සමත් වූවාය.

මීට සමඟාමී ව ඊයේ දින (20) යාපනය Y.M.C.A උත්සව ශාලාවේදී අභි නන්දනීය උළෙලක් යාපනය දිස්ත්‍රික් බර උසුලන්නන්ගේ සංගමය මගින් සංවිධානය කර තිබිණි.

මෙහිදී ඇයගේ මෙන්ම තවත් පාසල්  ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ කුසලතා ඇගයීමක් ද සිදු කෙරුණු  අතර, ඔවුනට සමරු ඵලක ද  පිරිනැමීමක් සිදු කෙරිණි.

තවද මෙහි විශේෂත්වය වනුයේ ඇයගේ පුහුණුකරු වී ඇත්තේ ඇයගේ පියා වන විජයශංකර් ආශියා මහතා ය. එහිදී මොවුන් දෙදෙනාටද  විශේෂ ගෞරව සම්මාන පිරිනැමීමක් සිදු කෙරිණි.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් උතුරු පළාත් ආණ්ඩුකාරවර  රෙජිනෝල්ඩ් කුරේ, උතුරු පළාත් ක්‍රීඩා හා අධ්‍යාපන අමාත්‍ය ටී.කුරුකුලරාසා, උතුරු පළාත් සභා මන්ත්‍රී ඊ.ආනොල්ඩ්, උතුරු පළාත් ආණ්ඩුකාරවර ලේකම් එල්.ඉලංගෝවන්, ආණ්ඩුකාරවර පුද්ගලික ලේකම් ජේ.එම්. සෝමසිරි, යාපනය දිස්ත්‍රික් ක්‍රීඩා අධ්‍යක්ෂක විජිතරන් යන  මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.