• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ශ්‍රීලශ්‍රී ආරුමුග නාවලර් සමුළුව හා ගුරු පුජා උත්සවය යාපනයේදී

NP Governor1හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ තිස් වැනි සංවත්සර උළෙල සැමරීම සඳහා පවත්වනු ලබන ශ්‍රීලශ්‍රී ආරුමුග නාවලර් සමුළුව හා ගුරු පුජා උත්සවය පසු ගිය 18 වන දා ආරම්භ කෙරිණි.

එම උළෙලේ ඊයේ දිනයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් උතුරු පළාත් ආණ්ඩුකාරවර රෙජිනෝල්ඩ් කුරේ මහතා සහභාගී විය. එතුමන් විසින් පැමිණ සිටි හින්දු බැතිමතුන් සඳහා දේශනයක්ද සිදු කළේය.

මෙහිදී හින්දු ආගමික සංස්කෘතිකාංග රැසක් ඉදිරිපත් කෙරිණි. ශ්‍රීලශ්‍රී ආරුමුග නාවලර් තුමාගේ රූපය ඇතුළත් සමරු ඵලකද, නාවලර් සමරු පොතද පැමිණ සිටි ආරාධිතයින් හට පිරිනැමීමක්ද සිදුවිය.

මෙම අවස්ථාවට මුනෛවර් කයිලෙ ශ්‍රීමත් කුමාරස්වාමි තම්බිරාම් ස්වාමිගල් දර්මපුර ආදීනම්, පුජ්‍ය ජාක්කිරද සෛදන්‍යා ස්වාමිගල් සින්මය මිෂන් නේවාසික ගුරු තුමන්ලාද, උතුරු පළාත් ආණ්ඩුකාරවර ලේකම් එල්.ඉලංගෝවන්, පුද්ගලික ලේකම් ජේ.එම්. සෝමසිරි යන මහත්ම මහත්මීන්ද විශාල හින්දු බැතිමතුන් පිරිසක්ද සහභාගී වී සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.