• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

සියලු පදවි, තානාන්තර අතහැර පැවති රජයෙන් සමුගත් අද දිනය තම දේශපාලන ජීවිතයේ සුවිශේෂිතම දිනය බව ජනපති පවසයි

He meeting 2016.11.22මීට දෙවසරකට පෙර සියලු පදවි, තානාන්තර අතහැර පැවති රජයෙන් තමා සමුගත්තේ අදවන් දවසක බව සිහිපත් කළ ජනාධිපතිතුමා, අද දිනය තම දේශපාලන ජීවිතයේ සුවිශේෂිතම දිනය ලෙස සනිටුහන් කෙරෙන බව කියා සිටියේ ය.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ, මහවැලි අධිකාරියේ නව පත්වීම් ලැබූ සහ උසස්වීම් ලැබූ නිලධාරීන් සමඟ අද (21) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති හමුවේදීය. ඡන්දය දුන් නොදුන් සැමට එක ලෙස සැලකීම රටේ ජනාධිපතිවරයාගේ වගකීම වන අතර ස්වාධීනව, අපක්ෂපාතීව සහ මධ්‍යස්ථව කටයුතු කිරීම ජනාධිපතිවරයා සතු වගකීමක් බවද ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

සංවර්ධනයේදී රටේ එක් ප‍්‍රදේශයක් අතහැර දැමීමේ ප‍්‍රතිඵලය යුද්ධය දක්වා ඈතට දිව ගිය බවද පැවසූ ජනාධිපතිතුමා සංවර්ධන කි‍්‍රයාවලිය ආරම්භයේ සිට එය සාධාරණව රට වෙනුවෙන් ඉටුවූවානම් දශක තුනක යුද්ධයකින් පීඩා විඳීමට අපට සිදු නොවන බවත්, රටේ සෑම ප‍්‍රදේශයකම ජනතාව වෙනුවෙන් සේවය කර පෞද්ගලිකත්වයට වඩා රට සහ ජනතාව වෙනුවෙන් ප‍්‍රමුඛත්වය ලබාදී කටයුතු කිරීම සියලු රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම බවත් කියා සිටියේ ය.

රටේ ආර්ථිකයේ ඉතා වැදගත් ආයතනයක් ලෙස මහවැලි අධිකාරිය සිය කාර්යභාරය නව දැක්මකින් සහ නව මුහුණුවරකින් ඉදිරියට කි‍්‍රයාත්මක කළ යුතු බව ද පැවසු ජනාධිපතිතුමා අද දවසේ මෙන්ම හෙට උපදින දරු පරපුර වෙනුවෙන් සිය වගකීම් ඉටු කිරීමට සියලු නිලධාරීන් කැපවිය යුතු බව ද කියා සිටියේය.මහවැලි අධිකාරියේ කි‍්‍රයාත්මක වන සේවකයින් බඳවා ගැනීමේ කාර්ය පටිපාටිය අධිකාරිය තුළ සේවය කරන කාර්ය මණ්ඩලයට අසාධාරණයක් සිදු නොවන අයුරින් සංශෝධනයකට ලක් කරන බව ද ජනාධිපතිතුමා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් අනුර දිසානායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.