• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

සාමාන්‍ය පෙළ විභාගයේ අයඳුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර තැපෑලට

ol examination studentsමෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ අයඳුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර මේ වන විට තැපැල් කර යවා ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

පාසල් අයඳුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර අදාළ විදුහල්පතිවරුන් වෙතත්, පෞද්ගලික අයඳුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර ඔවුන්ගේ පෞද්ගලික ලිපිනයන් වෙතත් තැපැල් කර යවා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර පවසයි.

ලබන 25 වන දින වන විට ප්‍රවේශ පත්‍ර නොලද පෞද්ගලික අයඳුම්කරුවන් වෙතොත් තමන් ඉදිරිපත් කළ අයඳුම්පතේ පිටපතක් විභාග ගාස්තු ගෙවූ කුවිතාන්සියේ ඡායා පිටපතක් විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග ශාඛාව වෙත ලියාපදිංචි තැපෑලෙන් යොමුකරන ලෙස විභාග කොමසාරිස්වරයා ඉල්ලීමක් කරයි.

පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර  ඇතැම් විදුහල්පතිවරුන් විසින් විවිධ කොන්දේසී ඉදිරිපත් කරමින් ලබානොදීමෙන් අයඳුම්කරුවන්ට විවිධ ගැටලු වලට මුහුණදීමට සිදුවන බැවින් ප්‍රවේශ පත්‍ර ලබානොදීමෙන් අයදුම්කරුවන්ට ඇති වන අපහසුතා පිළිබඳ වගකීම විදුහල්පතිවරුන් විසින් බාරගත යුතු වෙයි.ප්‍රවේශ පත්‍රවල විෂය සංශෝධන, භාෂා මාධ්‍ය සංශෝධන හෝ වෙනත් සංශෝධන සිදුකිරීමට අවශ්‍ය පාසල් අයදුම්කරුවන් තම විදුහල්පතිවරයා මාර්ගයෙන් ද,  පෞද්ගලික අයදුම්කරුවන් තමන් විසින් ද මෙම මස 29 වන දිනට පෙර පාසල් විභාග සංවිධාන ශාඛාව වෙත තම ගැටලු ඉදිරිපත් කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

මේ පිළිබඳ ගැටලු පවතින්නේ නම් විභාග  දෙපාර්තමේන්තුවේ ක්ෂණික අංක 1911 හෝ පාසල් විභාග සංවිධාන ශාඛාවේ දුරකතන අංක 011 2 78 42 08 හෝ 011 2 78 45 37 හෝ 011 31 88 350 සහ 011 31 40 314 යන අංක වලට දුරකතන ඇමතුමක් ලබාදීමෙන් තොරතුරු ලබාගත හැකි වෙයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.