• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

බාහිර උපාධි අපේක්ෂකයින් ලියාපදිංචිය සීමාකිරීම නිසා පැන නැගී ඇති ගැටලු සහ විසඳුම් සොයා බැලීමට ජනපති ප‍්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

heබාහිර උපාධි අපේක්ෂකයින් ලියාපදිංචිය සීමාකිරීම නිසා පැන නැගී ඇති ගැටලු සහ එයට විසඳුම් සොයා බැලීම සඳහා අදාළ පාර්ශවයන් සහ ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා අතර සාකච්ඡාවක් ඊයේ (22) පෙරවරුවේ පැවැත්විණි.

පාර්ලිමේන්තු කමිටු ශාලාවේදී පැවති මෙම සාකච්ඡාවේදී ඉදිරිපත් වූ අදහස් හා යෝජනා සැලකිල්ලට ගත් ජනාධිපතිතුමා සඳහන් කළේ ප‍්‍රතිපත්තියක් ලෙස රජය විසින් අධ්‍යාපනයට ලබාදී ඇති පහසුකම් කිසිවිටෙක අහිමි නොකරන බවය.

බාහිර උපාධි අපේක්ෂකයින් ලියාපදිංචිය සීමාකිරීම හේතුවෙන් උපාධි අපේක්ෂා කරන සිසුන්ට අසාධාරණයක් නොවන පරිදි නව වැඩපිළිවෙළක් ඉදිරි සති දෙකක් තුළදී සකසන බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.එමෙන්ම විවෘත විශ්වවිද්‍යාල පද්ධතිය ශක්තිමත් කිරීමට ද සීමාවී ඇති බාහිර උපාධි පාඨමාලා දිවයිනේ අනෙකුත් විශ්වවිද්‍යාලයන්හි ස්ථාපිත කිරීම කෙරෙහි ද මෙහිදී අවධානය යොමුවිය.

මෙම සාකච්ඡාවට අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ගේ‍්‍රරු, ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශයේ අධ්‍යක්ෂ ජනරාල් ශාන්ත බණ්ඩාර, විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා යන මහත්වරුන් ද විශ්වවිද්‍යාල නියෝජිතයන් ද එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.