• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

සෞඛ්‍ය සේවක ගැටලු විසඳීමේ ජංගම සේවය මහනුවරට

1fdd89a0720fe44198028608cde2204a Lසෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය විසින් සංවිධානය කරනු ලබන සෞඛ්‍ය සේවකයින්ගේ ගැටලු විසඳීමේ ජංගම සේවාවවේ හයවන අදියර 26දා මහනුවර මහරෝහල් පරිශ්‍රයේදී පැවැත්වේ.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ජංගම සේවාව ආරම්භ කෙරේ.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය විසින් සංවිධානය කරනු ලබන මෙම වැඩසටහන මගින් සියලු රෝහල්හි කාර්යය මණ්ඩලවල ඇති ගැටලු සඳහා තම සේවා ස්ථානයේ දී ම විසඳුම් ලබාදීමට කටයුතු කෙරෙන අතර තම සේවා කටයුතු සඳහා කොළඹ කාර්යාලය වෙත පැමිණීම අවශ්‍ය නොවේ.

මෙම වැඩසටහනෙහි පළමු අදියර කුරුණෑගල මහ රෝහල දී ක්‍රියාත්මක වුණි. ඉන් අනතුරුව යාපනය, බදුල්ල, මඩකලපුව, නුවරඑළිය දිස්ත්‍රික්කයන් කේන්ද්‍ර කරගනිමින් ද ක්‍රියාත්මක වුණි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.