• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ත්‍රිරෝද රථ පැදවිමේ අවම වයස නීතිගත කිරීමට සාකච්ඡා

Ranga bandaraත්‍රිරෝද රථ රියදුරන් ලෙස සේවය කිරීමේ අවම වයස අවුරුදු 40ක් ලෙස නීති ගත කිරීමේ යෝජනාව පිළිබඳ ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා සමග පුළුල්ව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි. අයවැය විවාදය නිමා වීමෙන් අනතුරුව මෙම සාකච්ඡා සිදු කරන බව ඒ මහතා පෙන්වා දෙයි. 

 

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (23) අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ පැවැති තරුණ නියෝජිත හමුවකදීය.‍

තාරුණ්‍යයේ යහපත වෙනුවෙන් ඉදිරිපත් කළ‍ මෙම යෝජනාවට කණ්ඩායම් රැසක සහයෝගය හිමි වී ඇතැයි ද ප්‍රකාශ කළ ඒ මහතාගෙන් මෙහිදී තරුණ නියෝජිතයින් විමසා සිටියේ ත්‍රිරෝද රථ ධාවනය අහිමි වන තරුණයා වෙත කුමනාකාරයේ සහනයක් ලැබෙන්නේ ද යන්නයි. ඊට පිළිතුරු ලබා දුන් අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා කියා සිටියේ වැදගත් වෘත්තීන් වෙත යොමුවිමට අවශ්‍ය මාවත සකස්  කර දෙන බවයි. පුහුණුව මෙන්ම රැකියාවක් හෝ වෙනත් වෘත්තියක් ලබා ගැනීමට අදාළ පූර්ණ මැදිහත් වීම සිදු කිරීමට තම අමාත්‍යංශය යටතේ වැඩපිළිවෙළක් සකස් කරන බවද අමාත්‍යවරයා පැවසීය.

මීට දිර්ඝ වශයෙන් පිළිතුරු ලබා දුන් අමාත්‍යවරයා කියා සිටියේ තරුණයා වෙනුවෙන් වූ වැඩපිළිවෙළක්  නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට පසුගිය ආණ්ඩු අසමත් වීම තුළ මෙවැනි ගැටලුවක් සමාජය තුළ නිර්මාණය වීම  සාධාරණ බවයි.

එබැවින් තරුණ ශ්‍රමය රටේ සංවර්ධනය වෙනුවෙන් යොදා ගැනීම සඳහා විධිමත් වැඩපිළවෙළක් සම්පාදනය කිරීම වත්මන් රජය වෙත පැවැරී ඇති වගකීමක් බවද එය පැහැර හැරීමට වත්මන් රජයට කිසිඳු හැකියාවක් නොමැති බවද ඔහු පෙන්වා දුන්නේය.

එමෙන්ම ඔහු පෙන්වා දෙන්නේ ජීවිතය දිනා ගත හැකි මාවත නිසි ලෙස තරුණයා වෙනුවෙන් නිර්මාණය කර තිබුණේනම් ත්‍රීරෝද රථයට ජීවිතය යට කර ගන්නා තත්ත්වයක් නිර්මාණය නොවන බවයි.  මගී ප්‍රවාහනය සඳහා ත්‍රිරෝද රථ පැදවීමේ වයස් සීමාව අවුරුදු 40 ක් දක්වා ඉහළ දමන්නේ තාරුණ්‍යට යහපත උදා කිරීමේ අරමුණින් යැයිද පැවසූ අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ මෙම කාරණය පිළිබඳ ත්‍රිරෝද රථ සංගම් මෙන්ම සමාජයේ අනෙකුත් කණ්ඩායම් සමගද සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.