• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ශ්‍රීලංකන් විශිෂ්ට ජාත්‍යන්තර ගුවන් සේවය ලෙස පිදුම් ලබයි

 
Srilankan awards 2ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සමාගම ගෞරවාන්විත මාලදිවයින  සංචාරක සම්මාන උළෙලේ දී විශිෂ්ට ජාත්‍යන්තර ගුවන් සේවය ලෙස නැවත වරක්  පිදුම් ලැබීමට වරම් ලැබීය.  
ශ්‍රීලංකන් ගුවන් සමාගමේ විශාලත ම වෙළෙඳපොළ වශයෙන් මාලදිවයින  අගනගරය  වෙත ගුවන් සමාගම  සතියකට 21 වතාවක් සිය ගුවන් මෙහෙයුම් සිදුකරනු ලබයි. දෙසැම්බර් මස 1වැනි දා සිට සුන්දර ගමනාන්තයක් වන ගැං දිවයිනේ Addu Atoll වෙත  ජාත්‍යනතර ගුවන් සේවයක් ලෙස මෙහෙයුම් සිදුකරන ප්‍රථම ගුවන් සේවය වශයෙන් ශ්‍රීලංකන් ගුවන් ගමන් ආරම්භ වනු ඇත. 

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ මාලදිවයින ප්‍රදේශ කළමණාකාර සුජීව රොද්‍රිගෝ මහතා සම්මානය ලබාගනිමින්  ප්‍රකාශ කර සිටියේ “නැවත වරක් මෙම සම්මානය හිමිවීම පිළිබඳ ව සතුටට පත්වන අතර  ගුවන් සමාගම මාලදිවයිනේ වෙනත් ගමනාන්තයක් වෙත ගුවන් ගමන් ජාලය ව්‍යාප්ත  කිරිමේ කාලය තුළ නැවත වරක් මෙවැනි සම්මානයක් හිමිවීම තවත් සුවිශේෂි වන බවයි.  ගුවන් සමාගමක්  වශයෙන් අප ගුවන් මගීන් සඳහා සුවපහසු ගුවන් සම්බන්ධතා ලෝකය පුරා ලබාදීම රාජකාරියක් ලෙස ගුවන් සමාගම සලකන අතර එමගින් මාලදිවයිනේ සංචාරක කර්මාන්තය සඳහා සුවිශේෂි දායකත්වයක් ලබාදීමට  හැකිවනු ඇති බවද ඒ මහතා කියා සිටියේය.  

මෙම සම්මාන උළෙල මාලදිවයිනේ ඔල්හුවෙලි සංචාරක නිකේතනයේ දී  ( Olhuveli Beach Resort & Spa)  පැවැත්විනි. එම රටේ සංචාරක ක්ෂේත්‍රයේ සේවා ප්‍රමිතීන් වැඩිදියුණු කිරීම සඳහා  මාලදිවයින සංචාරක නියෝජිතවරුන් සහ සංචාර මෙහෙයවන්නන්ගේ සංවිධානය  Maldives Association of Travel Agents & Tour Operators (MATATO ) විසින් මෙම  සම්මාන උළෙල සංවිධානය කර ඇත. සෑම වසරකම ගුවන් මගීන්  සහ  අනුග්‍රාහකයන් විසින් මෙම සම්මාන සඳහා ඔවුන්ගේ ප්‍රියතම සංචාර සහ ආගන්තුක සත්කාර සේවා සපයන්නන් වෙනුවෙන්  සිය ඡන්දය  ලබාදෙනු ලැබේ. ශ්‍රීලංකන් ගුවන් සමාගම වන්වර්ල්ඩ් ගෝලීය ගුවන් සේවා සන්ධානයේ සාමාජික ගුවන් සේවයකි. 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.