• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ආහාර සුරක්ෂිතතා සතිය හෙට සිට

srilankan foodsසෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික ආහාර සුරක්ෂිතතා සතියක් හෙට (28) සිට දෙසැම්බර් 03 දින දක්වා ප්‍රකාශ කරනු ලැබ ඇත. පසුගිය කාලසීමාව පුරා බෝවන රෝග පාලනයට හා සමහර බෝවන රෝග තුරන් කිරීමට ශ්‍රී ලංකාව සමත් වූ නමුත් අද වන විට බෝ නොවන රෝග පාලනය පිළිබඳ අභියෝග රැසකට මුහුණ පා ඇත.
සියලු ප්‍රධාන බෝ නොවන රෝග වැලඳීමට ආහාරපාන ඍජුව බලපාන අතර ආහාර පනත යටතේ පනවා ඇති රෙගුලාසි උදවු කර ගනිමින් සමාජ සහභාගිත්වය මත පදනම්ව බෝ නොවන රෝග පාලනයට ගත හැකි ප්‍රවේශය පුළුල් බවත් ආහාර බාල කිරීම හා දහනය වීම පිළිබඳව ද අවධානය යොමු විය යුතු බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පී. මහීපාල මහතා පැවැසීය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.