• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

සමුද්‍ර ආරක්ෂාව පිළිබඳ ,ගාලු කථිකාව, ජනපති ප‍්‍රධානත්වයෙන් ඇරඹෙයි

sea protect meeting 2016 1ශී‍්‍ර ලංකා නාවික හමුදාව 7 වැනි වරටත් සංවිධානය කරනු ලබන ,ගාලු කථිකාව, අන්තර්ජාතික සාගරික සම්මන්ත‍්‍රණය – 2016 ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (28) පෙරවරුවේ කොළඹ ගාලු මුවදොර හෝටලයේ දී ආරම්භ කෙරිණි.

රටවල් 40ක මෙන්ම අන්තර්ජාතික සංවිධාන 12ක නියෝජිතයින් හා සමුද්‍රීය ආරක්ෂක විද්වතුන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙවර කථිකාවේ තේමාව වී ඇත්තේ ,උපායමාර්ගික සාගරික සම්බන්ධතා වර්ධනය කර ගැනීම, යන්නයි.

කථිකාව අද සහ හෙට ගාලු මුවදොර හෝටලයේ දී පැවැත්වෙයි. සාගරික කලාප තුළ රටවල්වලට පොදු වූ තර්ජනයන් පවතින අතර ඒවාට එක්ව මුහුණ දෙන්නේ කෙසේද යන්න පිළිබධව සාකච්ඡා කිරීමේ අරමුණින් පැවැත්වෙන මෙම සංවාදය තුළින් වත්මන් සාගරික අභියෝගයන් ජයගැනීම සඳහා ඵලදායී යාන්ත‍්‍රණයක් සකස් කර ගැනීම මෙන්ම කලාපීය විද්වතුන්ගෙන් සාගරික ගැටලු රාශියකට පිළිතුරු සොයා ගැනීමට අපේක්ෂා කෙරේ.

මෙම කථිකාව හරහා නාවික හා සාගරික කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සහ ඔවුන්ගේ සුවිශේෂි දැනුම් සම්භාරය මෙන්ම අත්දැකීම් හුවමාරු කර ගැනීමට ද අවස්ථාව උදා වනු ඇත.

අමාත්‍යවරුන් වන මංගල සමරවීර, රවී කරුණානායක, අර්ජුන රණතුංග, රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා යන මහත්වරුන් ද ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆෝන්සේකා, ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක, නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න යන මහත්වරුන් ද විදේශ රටවල් රැසක නාවික හමුදා ප‍්‍රධානිහු ඇතුළු නියෝජියින් සමාරම්භක උත්සවයට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.