• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

හිටපු කියුබානු නායක ෆිදෙල් කැස්ත්‍රෝ මහතාගේ අභාවය වෙනුවෙන් ජනපතිගෙන් විශේෂ ශෝක සටහනක්

President importent note for cuba 1අද (28) පෙරවරුවේ කොළඹ කියුබානු තානාපති කාර්යාලය වෙත ගිය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා එහි තැන්පත් කර ඇති විශේෂ සමරු ග‍්‍රන්ථයේ ශෝක සටහනක් තබමින් අද්විතීය විප්ලවවාදියෙකු වූ හිටපු කියුබානු නායක ෆිදෙල් කැස්ත්‍රෝ මහතාගේ අභාවය වෙනුවෙන් සිය ශෝකය පළ කළේය.

තානාපති කාර්යාලය වෙත පැමිණි ජනාධිපතිතුමා ශී‍්‍ර ලංකාවේ කියුබානු තානාපතිනි Juana Elena Ramos Rodriguez මහත්මිය විසින් පිළිගනු ලැබුවාය.ලොව පුරා විප්ලවවාදීන්ගේ මෙන්ම සාධාරණ ලෝකයක් පිළිබඳ සිහින දුටු ජනතාවගේ වීරයෙකු වූ අසහාය ජන නායකයාගේ නික්ම යාම වෙනුවෙන් කියුබානු තානාපතිවරිය වෙත ද සිය ශෝකය පළ කළ ජනාධිපතිතුමා තානාපතිවරිය සමග සුහද කථා බහක ද නිරත විය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.