• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

අපි නිරෝගී වෙමු, පාසල් දරුවන් සඳහා සෞඛ්‍ය ප‍්‍රවර්ධන වැඩසටහනේ සමාරම්භය ජනපති ප‍්‍රධානත්වයෙන්

Api Nirogi Vemu inaugurated under Presidents patronageඅපි නිරෝගී වෙමු, පාසල් දරුවන් සඳහා සෞඛ්‍ය ප‍්‍රවර්ධන වැඩසටහනේ සමාරම්භක උත්සවය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (28) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්විණි.

සෞඛ්‍යමත් දිවිපෙවෙතක් පිළිබඳව, පාසල් දරුවන් බල ගැන්වීම තුළින් සමාජීය සෞඛ්‍ය ප‍්‍රවර්ධනය සඳහා නායකත්වය ගන්නා නියමු දරුවන් බිහි කිරීමේ අරමුණෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය එක්ව මෙම වැඩසටහන සංවිධානය කරනු ලබයි.දීප ව්‍යාප්ත මට්ටමින් පාසල් දරුවන් වෙත සෞඛ්‍ය ප‍්‍රවර්ධන සම්මාන පිරිනැමීම මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

ජනාධිපතිතුමා වෙත ද විශේෂ සමරු තිළිණයක් පිළිගැන්විණි.සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධකි‍්‍රෂ්ණන්, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය නියෝජ්‍ය අමාත්‍ය මොහොමඩ් කාසීම් යන මහත්වරුන් ද සෞඛ්‍ය අමත්‍යාංශයේ ලේකම් අනුර ජයවික‍්‍රම මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.