• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ගුවන් සේවා දැනුම මිණුම තරඟාවලිය 2016 සඳහා පාසල් 20ක් තියුණු තරගයක

Srilanka airlinශ්‍රී ලංකාවේ ප්‍රථම වරටශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් සේවා පුහුණු පාසල විසින් සංවිධානය කරන ලද ජාත්‍යන්තර ගුවන් සේවා කර්මාන්තය පිළිබඳ ප්‍රශ්න විචාරාත්මක තරගාවලිය 2016 ශූරතාවය හිමිකර ගැනීමට කොළඹ ආනන්ද විද්‍යාලය සමත් වූහ.

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රධාන පාසල් 20ක සහභාගීත්වයෙන් මෙම ගුවන් සේවා දැනුම මිණුම තරගාවලිය පවත්වන ලදී.මෙහිදී ජයග්‍රහණය හිමිකරගත් ආනන්ද විද්‍යාලය ලකුණු 45ක් ලබාගත් අතර D.S. සේනානායක විද්‍යාලය ලකුණු 37ක් ලබා ගනිමින් එහි අනුශූරතාවය දිනාගන්නා ලදී.

කොළඹ රාජකීය විද්‍යාලය ලකුණු 45ක් ලබා ගනිමින් 3 වන ස්ථානය දිනාගත් අතර මෙම සමස්ත තරගාවලිය කොළඹ මෙතෝදිස්ත විද්‍යාල පරිශ්‍රයේ දී පසුගියදා පවත්වන ලදී. මෙහිදී පාසල් සිසුන්ට ජාත්‍යන්තර ගුවන් සේවා කර්මාන්තය සහ එහි ඉතිහාසය මෙන්ම  සමකාලීන වර්ධනයන් පිළිබඳ ඔවුන්ගේ දැනුම වැඩි දියුණු කිරීම සඳහා වටිනා අවස්ථාවක් උදා විය.

එසේම අනෙකුත් පාසල් සිසුන් සමඟ සම්බන්ධතාවය ගොඩ නගා ගැනීමට ද අස්ථාව සැලසිණි.ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් සේවා පාසල SLAC (www.srilankanaviationcollege.com), මෙරට ප්‍රමුඛතම ගුවන් සේවා පුහුණු පාසලක් වේ. මෙම ජාත්‍යන්තර ගුවන් සේවා කර්මාන්තය පිළිබඳ ප්‍රශ්න විචාරාත්මක තරගාවලිය ලබන වසරේදී දිස්ත්‍රික් මට්ටමින් සහ දකුණු ආසියානු කලාපය තෙක් ජාත්‍යන්තර මට්ටම දක්වා පැවැත්වීමට SLAC අදහස් කරයි. SLAC ගුවන් සේවා අංශය පිළිබඳ උනන්දුවක් දුක්වන සිසුන් වෙනුවෙන් ගුවන් සේවා සමාජ ආරම්භ කිරීම සඳහා දිවයින පුරා පාසල් සඳහා ආධාර ලබා දී තිබේ.

මෙම තරගය වට පහකින් සමන්විත වූ අතර එහිදී  වසර 100කටත් වඩා පැරණි  පැරණි ඉතිහාසයක් පුරා ගුවන් ගමන් පිළිබඳ මෙන්මරයිට්  සහෝදරයින්ගේ යුගයේ සිට විවිධ අංශ ගැන ප්‍රශ්න විචාරයන් සිදු කරන ලදී.කොළඹ ආනන්ද විද්‍යාලයීය කණ්ඩායම ගුවන් යානා ආකෘතියක් ලෙස සකස් කර ඇති ආකර්ෂණීය පලිහ ජයග්‍රහණයකරන ලදී. තවද රුපියල් 100,000ක් වටිනා අනුග්‍රාහකත්ව මුදල් ත්‍යාගය සහ සහතික පත් පිරිනමන ලදී.  අනුශූරතාවය දිනාගත් D.S. සේනානායක විද්‍යාලය සඳහා ද  සහතික හා සිහිවටන ලබාදෙන ලදී.  මේ සඳහා සහභාගී වූ සියලු ම සිසුන් සඳහා විශේෂ සහතික පත් සහ සමරු තිළිණ ලබාදුන් අතර ගුවන් සේවා අධ්‍යාපන කඳවුර හා සම්බන්ධ වීමට අවස්ථා දෙකක් ද උදාකර දෙන ලදී.ශ්‍රීලංකන් ගුවන් සේවා පාසලේ සාමාන්‍යාධිකාරී ප්‍රිමාල් ද සිල්වා , SLACනියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අලෙවි බුද්ධික හේවාවසම්, SLAC පීඨ ප්‍රධානී ( රූප උපදේශක සහ කැබින් කාර්ය මණ්ඩල) ජොඈන් ජයමහ සහ SLACගුවන්තොටුපල සේවා සහ ගුවන් ගමන් මෙහෙයුම් පීඨයේ ප්‍රධානී තෙරිකාතිලකවර්ධන යන මහත්ම මහත්මීන් ත්‍යාග ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වූහ.  මෙහිදී  SLAC අලෙවි හා ව්‍යාපාර ප්‍රවර්ධන නිලධාරී නතාශා ජයම්පති මහත්මිය විසින් ස්තුති කතාව සිදු කරන ලදී.SLAC විනිසුරුවරුන් කණ්ඩායමක් විසින් තරගකරුවන්ගේ කාර්ය සාධනය ඇගයීමට ලක් කරන ලද අතර එදින ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන රුවන් බණ්ඩාර මහතා විසින් මෙහෙයවන ලදී.

 මෙතෝදිස්ත විද්‍යාලයේ නර්තන කණ්ඩායම සම්මාන උළෙල දී ආශ්වාදජනක නිරූපණයක් ඉදිරිපත් කරන ලදී.මෙම වැඩසටහන, ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන,  ශීඝ්‍ර ලෙස වර්ධනය වන ගුවන් සේවා ක්ෂේත්‍රය සහ ඒ ආශ්‍රිත වෘත්තීය අවස්ථා පිළිබඳ ව දැනුවත් කිරීම සඳහා, SLAC විසින් සංවිධානය කරන ලදී.දශක තුනකට  අධික කාලයක් පුරාවට ශ්‍රීලංකන් කාර්ය මණ්ඩලය පුහුණු කරමින් ශ්‍රීලංකන් ගුවන් සේවා පාසල (www.srilankanaviationcollege.com) ගෝලීය ප්‍රමිතීන් සහ එක් එක් ගුවන් සේවාවන්ට අනන්‍ය වූ විශේෂ අවශ්‍යතා පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරනු ලැබේ. ශ්‍රීලංකන් ගුවන් සේවා පාසල ශ්‍රී ලාංකිකයන් සහ ජාත්‍යන්තර සිසුන් විශාල පිරිසක් සඳහා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පහසුකම් සපයා තිබේ. 

ගුවන් සේවා කාර්ය මණ්ඩල වෙත ගුවන් තොටුපල සේවා, සාමාන්‍ය ගුවන් සේවා, ගුවන් භාණ්ඩ හැසිරවීම, ගුවන් සේවා කළමණාකරනය, සහ ගුවන් යානා නඩත්තු  ඇතුළු ගුවන් ප්‍රවාහන කර්මාන්තය තුළ විවිධ විශේෂිත ක්ෂේත්‍ර අධ්‍යනය කිරීම සඳහා අවස්ථාව ලබා දී ඇත. එසේම  මේ වසරේ විවිධ වැඩසටහන් තුළින් තරුණ තරුණියන් 300 කට ආසන්න පිරිසකට  උපාධිප්‍රධානය කර තිබීමද විශේෂත්වයකි.

ගුවන් සේවා පුහුණු පාසල පසුගිය වසරේදී   TRAINAIR PLUS programmeඅන්තර් ජාතික සිවිල් ගුවන් සේවා සම්මේලනයේ සාමාජිකත්වය ලබා ගනිමින් කීර්තිමත් ගෞරවණීය පිළිගැනීමක් ලබාගන්නා ලදී.  එය දැනටමත් එවැනි අන්තර්ජාතික ආයතන විසින් පිළිගත් IATA, යුරෝපීය ගුවන් සේවා ආරක්ෂක ඒජන්සිය ( EASA ), සහ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා ආයතන, මාලදිවයින හා පාකිස්තානය වැනි අන්තර්ජාතික ආයතන විසින් පිළිගත් සහතික ලබාගෙන තිබේ. එසේම එය මාලදිවයින් අගනුවර වන මාලේහිදුරස්ථ අධ්‍යාපන සඳහා m-learning වැඩසටහන් ක්‍රියාත්මක කර තිබේ. ගුවන් සේවා පුහුණු පාසල සිය ශාඛා ජාලය ව්‍යාප්ත කිරීමේ සහකරු ලෙස නවලෝක ගුවන් සේවාව තෝරාගන්නා ලදී. ඒ අනුව පළාත් හතරකට ගුවන් සේවා පුහුණු පුළුල් කිරීම ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත. උතුර, දකුණ, නැගෙනහිර සහ මධ්‍යම පළාත් වල තරුණ ශ්‍රී ලාංකිකයන් සඳහා මෙම වටිනා අවස්ථාව හිමිවේ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.