• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

රථවාහන අයිතිය පවරා ගැනීමට දුන් සහන කාලය මසකින් දීර්ඝ කරයි

Trficවිවෘත ලියකියවිලි මත පවත්වාගෙන යන වාහන ලියාපදිංචි කිරීම සඳහා ලබා දී ඇති සහන කාලය තවත් මසකින් දීර්ඝ කිරීමට ප්‍රවාහන අමාත්‍යංශය තීරණය කොට ඇති බව අමාත්‍යංශයේ ලේකම් නිහාල් සෝමවීර මහතා පැවසීය.


මෙම සහන කාලය තුළ විශාල පිරිසක් වාහන ලියාපදිංචි කිරීම සඳහා ඉදිරිපත්වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති අතර හෙට (30) දිනයේ කැබිනට් මණ්ඩලය වෙත පත්‍රිකාවක් ඉදිරිපත් කිරීම හරහා මෙම කාලය දීර්ඝ කිරීම සිදු වේ.

දඩ මුදලකින් තොරව අදාළ ලිපි ගොනු සම්පූර්ණ කිරීම සඳහා ලබා දී තිබූ මෙම සහන කාලය පසුගිය සැප්තැම්බර් 01දා සිට ක්‍රියාත්මක වූ අතර එම කාලය හෙට (30)න්  අවසන් වීමට නියමිතය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.