• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

වෛද්‍ය වැඩවර්ජනය සාකච්ඡාවකින් තොරයි - කැබිනට් මාධ්‍ය ප්‍රකාශක

Rajitha Senarathneපළමුවරට වෛද්‍යවරුන් සාකච්ඡාවකින් තොරව වැඩවර්ජනය ක්‍රියාමාර්ගයක් අනුගමනය කර ඇති බවත් කම්කරු අඥා පනත අනුව වුවත් වැඩ වර්ජනයකට යන්නේ නම් දින 14ක කාලයක් දිය යුතු යැයි ද කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය, වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

 

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (30) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

බදු ක්‍රමය පිළිබඳ ව අනවබෝධයෙන් යුතු ව ඔවුන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීරණ වී ඇති බවත් ද්විත්ව ආදායම් ලබන වෛද්‍යවරුන් පමණක් නව බදු ක්‍රමය යටතේ බදු ගෙවීම සිදු කළ යුතු බවත් පෙන්වාදුන් අමාත්‍යවරයා සෞඛ්‍ය වෘත්තිකයන් වෘත්තීය ක්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමට පෙර අසරණභාවයට පත්වන පිරිස පිළිබඳ ව සිතිය යුතු යැයි ද පැවසීය.

ඊයේ (29) කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයේ හෘද රෝගීන් තිදෙනෙකු මියයෑමේ සිද්ධිය පිළිබඳව මෙහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ අතර එයට පිළිතුරු ලබාදෙමින් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කර සිටියේ සැත්කම් සඳහා භාවිත කළ ඖෂධයක් අසාත්මිකවීම හේතුවී ඇතැයි ද ඒ පිළිබඳ සොයාබැලීමට ත්‍රි පුද්ගල කමිටුවක් පත්කර ඇතැයි ද පැවසීය.

අද පවතින වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් හදිසි සේවා හා විශේෂඥ වෛද්‍ය සේවා සඳහා බලපෑමක් සිදු ව නොවී ඇති අතර බාහිර රෝගී අංශ සඳහා පමණක් එය බලපා ඇති බවද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ කතෘවරයාට ලංකාවේ පුරවැසියෙකු ලෙස අන් සැමට ඇති අයිතීන් ඔහුට ද ඇති බවත් වරෙන්තුව පිළිබඳ අභියෝගයට ලක්කිරීමට ඔහුට ඇති බවත් කී පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා එතුමා ලියු දේවල් අපහාස හා බොරු නොවෙයිනම් නම් ඔහු වෙනුවෙන් පෙනී සිටින බවත් කීය.

මෙලෙස වරෙන්තුවක් නිකුත් කිරීමේ යම් වරදක් ඇත්නම් ඔහුට ඊට ඉහළ අධිකරණයක් වෙත යාමේ අවස්ථාව ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුනි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.