• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ඉන්දියානු සාගර කලාපයේ ස්ථානගත කොට ඇති ප්‍රංශ ආරක්‍ෂක හමුදා ඒකාබද්ධ අණදෙන නිලධාරී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හමුවේ

Joint Commander of the French Forcesමෙරට සංචාරයක යෙදෙන ඉන්දියානු සාගර කලාපයේ ස්ථානගත කොට ඇති ප්‍රංශ ආරක්‍ෂක හමුදාවන්හී ඒකාබද්ධ අණදෙන නිලධාරී රියර් අද්මිරාල් ඩිදීයර් ප්ලැටෝන් මහතා (Joint Commander of the French Forces Rear Admiral Didier Platon) සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක මහතා අතර හමුවක් පසුගියදා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේදී  සිදුවිය.

මෙම අවස්ථාවට ප්‍රංශ තානාපති ජෙඅන් මරින් ස්චබ් මහතා සහභාගි විය.මෙම සුහද හමුවේදී ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගන්නා ලද අතර ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර දිගුකාලීන සබඳතා ද සිහිපත් කළේය. 

මෙම හමුව අවසානයේ සුහදත්වය සංකේතවත් කරමින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාෂල් කෝලිත ගුණතිලක මහතා සමරු ඵලකයක් ද පිළිගන්වන ලදී.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.