• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ශ්‍රීලංකන් ගැන් දූපත වෙත පියාසර කරන ප්‍රථම ජාත්‍යන්තර ගුවන් සේවය බවට පත් වෙයි

Maladivain srilankan airline team 2016ශ්‍රීලංකන් ගුවන් සේවය මාලදිවයිනේ ගැන් දුපත දක්වා ඊයේ දින සිදු කළ ප්‍රථම ගුවන් ගමන සමඟ එම දූපත වෙත පියාසර කරන ප්‍රථම මෙන්ම එකම අන්තර්ජාතික ගුවන් සේවය බවට පත්විය.

ඒ අනුව ඉන්දියානු සාගරයේ පිහිටි ගැන් දූපත වෙත  2016 දෙසැම්බර් 1 වන දින සිට සතියකට ගමන් වාර හතරක් ශ්‍රීලංකන් ගුවන් සේවය සිදුකිරීමට නියමිතය. 

ගැන් දූපත වෙත මෙහෙයුම් ඇරඹීමත් සමඟ ශ්‍රීලංකන් ගුවන් සේවය රටවල් 47ක ගමනාන්ත 101 දක්වා සිය මෙහෙයුම් ජාලය ව්‍යාප්ත කරන අතර, වන්වර්ල්ඩ් ගුවන් සේවා සන්ධානයේ සාමාජිකයෙකු ලෙස ගමනාන්ත 1000ක් දක්වා අමුත්තන් රැගෙනයාම සඳහා පහසුකම් සලසනු ඇත. දකුණූ මාලදිවයිනේ ගැන් හි AdduAtoll (also known as Seenu Atoll),   වඩාත්ම ජනාකීර්ණ දිවයිනකි.

ශ්‍රීලංකන් ගුවන් සේවය සෑම සඳුදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා සහ සෙනසුරාදා යන දිනවල ගැන් දූපතේ සිට පැය 9.05 පිටත්ව කොළඹට පැය 11.25 ලඟාවීමට සැලසුම් කර තිබේ. එසේම කොළඹින් පැය 07.01 පිටත්වන වන ගුවන් යානා පැය 8.20 ගැන් දූපතට ලඟා වීමට කටයුතු යොදා තිබේ. ගැන් ගුවන්තොටුපොළ වෙත සේවා ආරම්භ කිරීමත් සමඟ දකුණු ආසියාවේ සිය ජාලය කෙරෙහි අවධානය යොමු  කරමින් එනම් ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය හා මැද පෙරදිග ඩුබායි, අබුඩාබි, ඕමානය,බහරේන්, කුවේට්, සවුදි අරාබිය, කටාර් ඇතුළු ඈත පෙරදිග ගමනාන්ත වන ජපානය, චීනය, මැලේසියාව, තායිලන්තය, සිංගප්පූරුව, ඉන්දුනීසියාව වෙත තවදුරටත් සිය මෙහෙයුම් ව්‍යාප්ත කර ඇත. ගැන් දූපතශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය 2016 හතරවන කාර්තුවේ දී  හඳුන්වා දුන් ආසියා-මැදපෙරදිග කලාපයේ නව ගමනාන්ත 11 අතරින් එකකි.

ශ්‍රීලංකන් සිය ගෝලීය ජාලය කොළඹ හරහා වේගවත් සම්බන්ධතා සපයමින් ඉන්දියාවේ ප්‍රධාන නගර 11ක් වෙත සතියකට ගුවන් ගමන් 100කට අධිකමෙහෙයුම් සිදුකරන අතර ඈත පෙරදිග හා මැද පෙරදිග ගමනාන්ත පුළුල් කිරීමටද කටයුතු යොදා තිබේ. එම ගුවන් ගමන් තුළදී ශ්‍රීලංකන් නවීන ගුවන් මැදිරි වලින් සමන්විතගුවන් යානා අභ්‍යන්තර විනෝදාස්වාදක පද්ධති හඳුන්වා දී ඇති අතර, මෙහි ගුවන් මැදිරිවල  හාත්පස පැතිරුණු ආලෝකනය, සම්බන්ධතා ලක්ෂණ සහ අධික සුවපහසු ආසන පහසුකම් ඇත. එමෙන් ම, විශිෂ්ට ගමනාන්තර ආහාර පාන සැපයීම, මෙන්ම ශ්‍රීලංකන් උණුසුම් ආගන්තුක සත්කාරය  අත්විඳීමේ අවස්ථාව උදා වනු ඇත .         

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.