• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

අද ශ‍්‍රී ලංකාවේ ආගමික නිදහස තහවුරු වී ඇති බව ජනපති පවසයි.

He2016 1යහපත් ගුණගරුක මිනිසුන් බිහිකිරීමට ආධ්‍යාත්මික දර්ශනයන්ගෙන් ඉමහත් පිටිවහලක් ලැබෙන බැවින් තමන් කැමති ආගමක් ඇදහීමේ නිදහස අද ශ‍්‍රී ලංකාවේ තහවුරු කර ඇති බව ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය.
තැම්පල, රද්දොළුගම මෙතෝදිස්ත දෙව්මැදුරේ දෙශත සංවත්සර ජුබිලි මහෝත්සවයට ඊයේ(04) පෙරවරුවේ එක්වෙමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

පාරවල් තැනීම්, ගොඩනැගිලි ඉදිකිරීම් වැනි භෞතික සංවර්ධනයෙහි වේගවත් බවක් පැවතිය ද මිනිසාගේ ආධ්‍යත්මික ගුණ වගාව පහතට වැටී ඇති බව සඳහන් කළ ජනාධිපතිතුමා ජනතාවගේ යහපත් හැසිරීම, සංවර්ධනයේ එක් ප‍්‍රමුඛ මිනුම් දණ්ඩක් බව ද කියා සිටියේය.

කිතුනු බැතිමතුන්ගේ දරුවන් පාසැල්වලට ඇතුළත් කිරීමේදී මතුව ඇති ගැටලු සහගත තත්ත්වය සම්බන්ධයෙන් මෙහිදී ජනාධිපතිතුමාගේ අවධානයට යොමු කළ කරුණු සැලකිල්ලට ගනිමින් ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ අධ්‍යාපන අමාත්‍යාංශය සමග සාකච්ඡා කර ගැටලු සහගත තත්ත්වයක් ඇතිව තිබේනම් එයට පිළියම් ලබා දීමට කටයුතු කරන බවය.

ශ‍්‍රී ලංකා මෙතෝදිස්ත සභාවේ ආසිරි පෙරේරා රදගුරුතුමාට සහ සීදුව ප‍්‍රදේශය භාරව කටයුතු කරන අධ්‍යක්ෂවරයා වන නදීර ප‍්‍රනාන්දු පියතුමා වෙත තිළිණ ප‍්‍රදානය ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

එමෙන්ම එම දේවස්ථානයේ කටයුතු වෙනුවෙන් දායකත්වය සැපයූ කිහිපදෙනෙක් වෙත ද ජනාධිපතිතුමා අතින් උපහාර තිළිණ පිළිගැන්විණි.
මේ අවස්ථාවට රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප‍්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඇතුළු පළාතේ මහජන නියෝජිතයින් පිරිසක් එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.