• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

සංවර්ධනය කරන ලද කඳාන තී‍්‍රපෝෂ නිෂ්පාදන ආයතනයේ කටයුතු ජනපති ප‍්‍රධානත්වයෙන් ඇරඹේ

President opens Thriposha factory in Kandana1කඳාන තී‍්‍රපෝෂ නිෂ්පාදන ආයතනයේ නව යන්ත‍්‍ර සූත‍්‍ර බලගැන්වීම සහ නවීකරණය කරන ලද ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීම ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (05) පෙරවරුවේ සිදුකෙරිණි.
1973 වසරේ ආරම්භ කරන ලද සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයට අයත් කඳාන ති‍්‍රපෝෂ සමාගමේ සංවර්ධන කටයුතු සඳහා 2016 අය වැය මගින් රජය වෙන්කළ මුදල රුපියල් මිලියන 500 කි. 2015 වර්ෂයේ අය වැයෙන් වෙන් කර තිබුණේ රුපියල් මිලියන 200 කි.

ඒ අනුව තී‍්‍රපෝෂ සමාගමේ කර්මාන්ත ශාලාවට නව යන්ත‍්‍ර සූත‍්‍ර සවි කිරීමටත්, කර්මාන්ත ශාලාව නවීකරණයටත් පියවර ගැනුණු අතර නව යන්ත‍්‍ර සුත‍්‍ර සවි කිරීමෙන් පසු එහි නිෂ්පාදන ධාරිතාව සියයට සියයකින් වැඩි කර ගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ජනාධිපතිතුමා නවීකරණය කරන ලද කර්මාන්ත ශාලාවේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.

පූජ්‍ය අතුරලියේ රතන ස්වාමින් වහන්සේ ද, අමාත්‍ය රාජිත සේනාරත්න, නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම්, පාර්ලිමේන්තු මන්තී‍්‍ර කාවින්ද ජයවර්ධන, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනුර ජයවික‍්‍රම, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් පාලිත මහීපාල, තී‍්‍රපෝෂ සමාගමේ සභාපති එම්.ඩී. බන්දුසේන යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.