• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

බලය අනිසි ලෙස භාවිතා කරන්නේ නෑ - කතානායක

Hon Karu Jayasooriyaතමන් බලය අනිසි ලෙස භාවිත නොකරන බවත් බලය භාවිතා කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදීව බවත් කතානායක කරූ ජයසූරිය මහතා අද (05) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

 පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කතානායකවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

පාර්ලිමේන්තුවට පැමිණීමට මන්ත්‍රීවරුන්ට බාධාකරවීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාදයක් උල්ලංඝනය වීමක් බවද මන්ත්‍රීවරයා කතානායකවරයා වෙත දන්වා සිටියේ ය. එහිදී පිළිතුරු ලබාදුන් කතානායකවරයා,

මම නිලධාරීන්ට උපදෙස් දුනා මහජන නියෝජිතයන්ට පමිණීමට අවසර දෙන්න කියලා.වාර්තාවක් ලබුණේ ඊයේ සවස. අදාළ නියෝජ්ය පොලිස්පතිවරයා සමඟ කතා කළා. එතුමත් කරුණු පැහැදිළි කළා. අපිත් විපක්ෂයේ ඉන්නකොට කදුළු ගෑස් කාලා තිබෙනවා. මන්ත්‍රීවරුන්ට වතුර වැදීම ගැනකණගාටු වෙනවා. මම සොයා බලුවා. පාර්ලිමේන්තුව වට කරන්න යනවා කියලා කියවුනේ. ඒ නිසා ආරක්ෂාව දීම පොලීසියේ යුතුකමක්.

සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා-

මේ අය ප්‍රකාශ අකර තිබෙනවා පාර්ලිමේන්තුව වටලනවා කියලා. එදා පාර්ලිමේන්තු දවසක්. මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ ඉන්න ඕන. පාරේ නොවෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නායක්කාර මහතා- ඔබතුමාගේ බලය හා පාර්ලිමේන්තුවේ බලය අතර ප්‍රශ්නයක්.

කතානායක කරූ ජයසූරිය මහතා -

මාගේ බලය මා අනිසි ලෙස භාවිත කරන්නේ නෑ.ප්‍රජාතන්ත්‍රවාදීව පාවිච්චි කරන්නේ. යුතුකම තමයි මන්ත්‍රීවරුන්ට පමිණීමට අවස්ථාව සළසා දෙන එක.පොලීසිය ආරක්ෂිත පියවරක් ගන්න ඇති.

පාර්ලිමේන්තු වටලනවා කියා තියෙනවා නම්, පොලීසියට ඒ අනුව ක්‍රියාකිරීමේ අයිතිය තිබෙනවා. ආරක්ෂාව ලබාදීම පොලීසියේ යුතුකමක්. හැමදේටම මට ගෑවෙන්න බෑ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා-

මට ආරංචි වුණේ පාර වහලා නෑ තීරුවක් වහලා කියලයි.මම වැරදි වෙන්න පුළුවන්. මෙතට ආව අය ප්‍රකාශ කළා පාර්ලිමේන්තුව වටලනවා කියලා. මෙතැන ඉන්නේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු සභාපතිවරු. ඒක උද්ඝෝෂණයක් නොවේ. එය පාර්ලිමේන්තුවට තර්ජනය කිරීමක්.මේකට ලස්තිවෙලා ආවේ කණ්ඩායමක්. වතුර දැම්මා කියන එකට කනගාටු වෙනවා. සභාපතිවරු කියන්නේ කවුද? අපි මේ අයට බය වෙන්න ඕන. අනාගතයේ නොවන හැටියට විරුද්ධත්වය ප්‍රකාශ කරන්න ඉඩ සොයලා දෙන්න. අපිට යන්න පාර හදලා දෙන්න.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.