• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

දුම්කොළ සමාගම්වලින් ලබාදෙන සතයක්වත් භාර ගැනීමට රජය සූදානම් නැති බව ජනපති පවසයි

He Parliment speachදුම්කොළ සමාගම්වලින් ලබාදෙන සතයක්වත් භාර ගැනීමට රජය සූදානම් නැති බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂය ඊයේ (05) පාර්ලිමේන්තුවේ විවාදයට ගැනුණු අවස්ථාවේ ඊට එක් වෙමිනි.භෞතික වශයෙන් කෙතරම් සංවර්ධනය වුවද රටක සංවර්ධනයේ ප‍්‍රධාන සාධකය වන්නේ එහි ජනතාවගේ යහපත් සෞඛ්‍ය තත්ත්වය බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා නිරෝගීමත් ජනතාවක් ලෙස ශී‍්‍ර ලාංකීය ජනතාව ගොඩනැගීම වත්මන් රජයේ අරමුණ බවද කියා සිටියේය.

ශී‍්‍ර ලංකා රජය දුම්කොළ සහ මත්ද්‍රව්‍ය පාලනය පිළිබඳ අනුගමනය කරන දැඩි තීන්දු තීරණ අද එක්සත් ජාතින්ගේ සංවිධානය, ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ඊට අනුබද්ධ අන්තර්ජාතික සංවිධාන සහ ඒ පිළිබඳ උනන්දුවක් දක්වන සියලු රාජ්‍යයන්හි පිළිගැනීමට ලක්ව තිබෙන බව ද ජනාධිපතිතුමා මෙහිදී ප‍්‍රකාශ කළේය. අපේ රටේ බටහිර වෛද්‍ය විද්‍යාව මෙන්ම අපගේ සාම්ප‍්‍රදායික වෛද්‍ය ක‍්‍රමය වූ ආයුර්වේදය ප‍්‍රමුඛ දේශීය වෛද්‍ය විද්‍යාව ද අද ලෝකය තුළ ඉහළ පිළිගැනීමකට ලක්ව තිබෙන අතර එම අංශ දෙකෙහිම සංවර්ධනය වෙනුවෙන් රජය කැප වී සිටින බව ජනාධිපතිතුමා කියා සිටියේය.

වෛද්‍යවරුන් සහ හෙදියන් රට හැර යාම අද සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ බරපතළ ගැටලුවක් බව පෙන්වා දුන් ජනාධිපතිතුමා රට හැර දා විදේශගතවීම හැකිතාත් අවම කරන ලෙස සියලු විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සහ හෙද සේවයේ සියලුදෙනාගෙන් තමා ඉල්ලා සිටින බවත් මේ වන විට රට හැර ගොස් විදේශ සේවයේ නිරතව සිටින සියලු වෛද්‍යවරුන්ට සහ හෙදියන්ට නැවත මව් රටට පැමිණ ටික කාලයක් හෝ මාතෘ භූමිය වෙනුවෙන් සේවය කරන ලෙස තමා ගෞරවයෙන් ඉල්ලා සිටින බවත් කියා සිටියේය. රට හැර යන විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහ හෙදියන්ගේ යම් පාලනයක් සිදුවුවහොත් සහ දැනට විදේශගතව සිටින පිරිස් නැවත මව් රටට පැමිණ සිය සේවය මාතෘ භූමිය වෙනුවෙන් නැවත ලබාදෙන්නේ නම් එම දෙපිරිස වෙනුවෙන්ම රජයේ වගකීම් ඉටු කරන බවද ජනාධිපතිතුමා මෙහිදී ප‍්‍රකාශ කළේය.

සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පාර්ලිමේන්තුවේ විවාදයට ගැනුණු අවස්ථාවේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා කළ කතාව – 2016 දෙසැම්බර් මස 05 වන දින පාර්ලිමේන්තුවේදී    අපේ රටේ නිදහස් සෞඛ්‍ය සේවාව සහ නිදහස් අධ්‍යාපනය කියන මේ අංශ දෙකම පසුගිය දශක කිහිපය තුළ සෑම රජයක් විසින්ම ශක්තිමත් කරලා තිබෙනවා. ජාතියක් විදියට රටේ අනාගතය ඒවගේම ජනතාවගේ අනාගතය රඳා පවතින්නේ මේ නිදහස් අධ්‍යාපනය සහ නිදහස් සෞඛ්‍ය ක්ෂේත‍්‍ර තුළ කියන එක පැහැදිළිවම අපි කවුරුත් දන්නා දෙයක්.   

ප‍්‍රධාන වශයෙන් සෞඛ්‍ය ක්ෂේත‍්‍රය පිළිබඳව කතා කරන විට අපේ බටහිර වෛද්‍ය විද්‍යාවත් වගේම දේශීය වෛද්‍ය විද්‍යාවත්, ආයුර්වේදයත් අපිට ඉතාමත්ම වැදගත් වෙනවා. බටහිර වෛද්‍ය විද්‍යාවේ ප‍්‍රතිකාර අංශ ශක්තිමත් වනවා වගේම රෝග වැළැක්වීම, රෝග නිවාරණය සම්බන්ධයෙන් දේශීය වෛද්‍ය විද්‍යාවේ, ආයුර්වේදයේ තිබෙන බොහෝ උපදෙස්, සිරිත් විරිත්, සම්ප‍්‍රදායන් ඉතාමත් වැදගත් වෙනවා. සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ අද දවස හෙට දවස සහ වෙනුවෙන් සූදානම් කිරීමේදී බටහිර වෛද්‍ය විද්‍යාව ශක්තිමත් කිරීම වගේම දේශීය වෛද්‍ය විද්‍යාව, ආයුර්වේදය වඩ වඩා වර්ධනය කිරීම, ශක්තිමත් කිරීම ඉතාමත් අවශ්‍ය වෙනවා.  

  අපේ රටේ සංවර්ධනය පිළිබඳව, කරනු ලබන විවිධ නිර්වචනයන් වලදි මූලික වශයෙන්ම සංවර්ධනයේ උසස් ප‍්‍රමිතියක් සහ ගුණාත්මකභාවයක් තිබෙනවාද කියන කාරණය තක්සේරු කළ හැක්කේ වටිනාකමක් දිය හැක්කේ රටේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය මතයි. භෞතික සම්පත් සංවර්ධනය, ඉදිකිරීම්, ගොඩනැගිලි, යන්ත‍්‍රසූත‍්‍ර, ඒ සියල්ල කොතෙක් ඉදිරියට ගියත් වඩාත් වැදගත් වෙන්නේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය යි.    රටේ සංවර්ධනය පිළිබඳව මිනුම් දණ්ඬේ පැහැදිලි ලෙසම රටක් සහ ජාතියක් විදියට සතුටු විය හැකි ප‍්‍රධාන සාක්ෂිය සහ සාධක වශයෙන් අපිට හඳුන්වන්න පු`ථවන් වෙන්නේ රටක ජනගහනයෙන් අතිබහුතරයක් නිරෝගී ජනතාවක් ලෙස සිටීමයි. එහිදී අපට අද තිබෙන අභියෝග මොනවාද? ඒ සඳහා අපේ සූදානම් වීම කුමක්ද කියන කරුණු වලදි වර්තමාන සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මැතිතුමාගේ නායකත්වය යටතේ අද බටහිර වෛද්‍ය විද්‍යාව සහ ආයුර්වේදයේ දේශීය වෛද්‍ය අංශ සියල්ල ශක්තිමත් කරමින් අපේ නව රජය නව වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කිරීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා. එහි බොහෝ සාර්ථකත්වයන් තිබෙනවා.

සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත‍්‍ර සම්බන්ධයෙන් ගන්නා වූ තීන්දු තීරණ සැලසුම් වලදි ඒවායින් ක්ෂණික ප‍්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඒවා දීර්ඝ කාලින ආයෝජන වගේම දීර්ඝ කාලීනව ප‍්‍රතිඵල ලබා දෙන අංශ කියන එක අපි කවුරුත් දන්නා දෙයක්.    අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ සංවර්ධනයේදී ලෝකයේ අනිකුත් රටවල්වල ප‍්‍රජාවන්, ආණ්ඩු මුහුණ දෙන තත්ත්වය ඒ හා සමානව අපිටත් තිබෙන බව අපි කවුරුත් දන්නා දෙයක්. බෝ නොවන රෝග සම්බන්ධයෙන් තිබෙන අභියෝගය මු`ථමහත් මානව ප‍්‍රජාවම මුහුණ දෙන අභියෝගයක්. එය ඉතාමත්ම ප‍්‍රබලයි.    මත්ද්‍රව්‍ය ගැන කතා කරනවා. ඒවගේම බෝ නොවන රෝග වලට බලපාන විවිධ අංශ සම්බන්ධයෙන් කතා කරනවා. මේ සියලූ කරුණු සැලකිල්ලට ගත් විට නිරෝගිමත් ජනතාවක් විදියට ජීවත් වීම සඳහා රටේ සමස්ත ජනතාවගේම කැපවීමක් තියෙන්නට ඕනෑ. මිනිසෙක් සෞඛ්‍ය සම්පන්න කරන්න වෙද්‍යවරයෙකුට කළ හැක්කේ යම් සිමිත කාර්යයභාරයක් පමණයි.

රජයකට ඒවගේම සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ තිබෙන ආයතනවලට කළ හැක්කේ යම් සීමිත කාර්යයක්. නමුත් තමාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් වැඩි වර්ධනයක් ඇති කර ගන්න නිරෝගි මිනිසෙක් විදියට ජීවත් වෙන්න තමාගේ දරු පවුල නිරෝගී දරු පවුලක් විදියට පෝෂණය කරන්න, සුරක්ෂිත කරන්න, ආරක්ෂා කරන්න, වර්ධනය කරන්න ඒ සියල්ලෙහිදීම පවුල් සංස්ථාව තුළ වඩා ප‍්‍රබල අවබෝධයක් සහ හැ`ගීමක් අවශ්‍ය වෙනවා. අපේ රට සාක්ෂරතාවය පිළිබඳව ඉතාමත් ම ඉහළ තැනක සිටින රටක් විදියට අපිට වඩාත් දැනුම්වත් කිරීම් මගින් අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රය තුළ නිරෝගිමත් ජනතාවක් බිහි කිරීමේ කාර්යයට අධ්‍යාපන අමාත්‍යාංශය සහ අනිකුත් ආයතන එක්ව ප‍්‍රමුඛ කාර්යයක් කළ හැකියි. එහිදී මම විශ්වාස කරන්නේ නව සැලසුම් අවශ්‍යයි කියන එකයි. ඒවගේ ම අපිට සතුටු වෙන්නට පු`ථවන් කරුණු අතරේ කවුරුත් කතා කළ දුම්කොළ, දුම්වැටි සම්බන්ධයෙන් නීති රීති, ඒවගේම මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් නීති රීති ක‍්‍රියාත්මක කරන්න අපිට පු`ථවන්කම ලැබුණා. අවුරුදු 40 ක් 50 ක් කතා කළ ඖෂධ පනත, ඖෂධ ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කරන්න අපට පු`ථවන් වුණා. ඒවායේ ප‍්‍රථිඵල ලැබෙමින් පවතිනවා. ඒවා ක්ෂණික ප‍්‍රතිඵල ලබා ගන්න පු`ථවන් දේවල් නෙවෙයි. බොහෝවිට ඒවායේදි වඩාත් ඵළදායී වූ තත්ත්වයන් සහ වැඩි වර්ධනයක් සමග ඒ ප‍්‍රථිඵල අපි ලබා ගත යුත්තේ අධිෂ්ඨානශීලීවයි. සෑම කෙනෙකුම ඒ සඳහා කැපකිරීම් කළ යුතුයි.    ගරු රාජ්‍ය ඇමතිතුමිය සඳහන් කළා, මේ දුම්කොළ සමාගමෙන් රජයට ලබා දෙන්න යනවයි කියන මුදලක් පිළිබඳව අයවැය යෝජනාවල සඳහන් වුණා.

එදා අයවැය යෝජනාවලින් පසුදිනම මම ප‍්‍රකාශයක් කළා පැහැදිළිවම ජනාධිපති ලේකම් කාර්යාලයෙන් දුම්කොළ සමාගමෙන් දෙන සතයක් වත් භාර ගන්න අපි කිසිමදේකට ලෑස්ති නැහැයි කියන එක. ඒක ප‍්‍රතිපත්තියක්.    අද එක්සත් ජාතීන්ගේ සංවිධානයත් ලෝක සෞඛ්‍ය සංවිධානයත් ඊට අනුබද්ද වෙනත් සංවිධානත්, ශ‍්‍රී ලංකා රජය දුම්කොළ පිළිබ`දව, මත්ද්‍රව්‍ය පිළිබ`දව ඉතාම දැඩි තීන්දු තීරණ ගෙන ක‍්‍රියාකරන රටක් විදියට තියෙනවා. ඒ නිසා මේ සියලූ කටයුතු වලදී අපිට පු`ථවන්කම තියෙනවා අපේ සංවර්ධන ක්ෂේත‍්‍රයන් ශක්තිමත් කරන්න.    අනෙක් පැත්තෙන් සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ තිබෙන අභියෝග වලදී වෛද්‍යවරුන්ගේ හි`ගය, හෙද හෙදියන්ගේ හි`ගය පවතිවනවා. මෙය දවසින් දෙකෙන් ආ තත්ත්වයක් නෙවෙයි. පසුගිය දශක කිහිපය තුළ වර්ධනය වූ තත්ත්වයක්.

හෙද සේවය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය වගේම මේ ප‍්‍රශ්නය ඇතිවීමට මූලික හේතුවත් සොයා බලන්නට ඕනෑ. වෛද්‍යවරුන් සහ හෙද නිලධාරීන් විශාල වශයෙන් රට හැර යාම බරපතළ ප‍්‍රශ්නයක්. රටේ ජනගහනය වර්ධනය වන තරමට රෝහල් වැඩිවෙනවා. ගොඩනැගිලි වැඩිවෙනවා. නව තාක්ෂණය සමග නව උපකරණ වැඩි වෙනවා.    නමුත් භෞතික සම්පත් සංවර්ධනය වන වේගයට සමාන්තරව මානව සම්පත් වර්ධනය කරන්න පු`ථවන්කමක් නැහැ. වෛද්‍යවරයෙක් හදන්න, හෙද සේවයේ කෙනෙක් හදන්න මාසයකින් දෙකකින් පු`ථවන්කමක් නැහැ. විශේෂඥ වෛද්‍යවරයෙක් හදන්න වසර තුනකින් පු`ථවන්කමක් නැහැ.

මේ තත්ත්වය තුළ අපි මුහුණ දෙන ප‍්‍රධානම ප‍්‍රශ්නය තමයි වෛද්‍යවරුන් සහ හෙද සේවයේ නිරත වන අය රට හැරදා යන එක.    හෙද සේවය ගත්විට වාර්ෂිකව විශ‍්‍රාම යන සංඛ්‍යාවත් වාර්ෂිකව රට හැර යන සංඛ්‍යාවත් සමග සස`දද්දී හෙද විද්‍යාලවලින් එළියට එන්නේ අඩු පිරිසක්. වැඩිවන ජනගහනයත් එක්ක සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ අඩුව පිරිමහන්න තවම අපිට පු`ථවන්කමක් නැහැ. විශේෂයෙන්ම හෙද සේවය සංඛ්‍යාත්මකව ඉහළ නංවන්න අපිට තවමත් හැකියාවක් නැහැ.    වෛද්‍ය සේවයේ පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවාවල වටිනාකම තිබෙන්නේ සංඛ්‍යාත්මක අගයට වඩා ගුණාත්මක අගයටයි. වෛද්‍ය, හෙදි, අතුරු වෛද්‍ය සේවා ඉතාමත් ඉහළ කැපවීමකින් කරන සේවයට අපි ගරු කරන්න ඕනෑ. ඒ නිසයි අපිට හො`ද නමක් තිබෙන්නේ. ලෝකයේ කුමන රටකට ගියත් ජාත්‍යන්තර සංවිධානයකට ගියත් ලංකාවේ ප‍්‍රධාන අංශ දෙකකට වැඩි වටිනාකමක් දෙනවා. පිළිගැනීමක් තිබෙනවා. ඒ, නිදහස් අධ්‍යාපනයට සහ සෞඛ්‍ය සේවාවේ තිබෙන ගුණාත්මක බවට. ඒ තත්ත්වයන් තව තවත් වර්ධනය කර ගැනීමයි අවශ්‍ය වන්නේ.    මම මේ ගරු සභාවේදී ආයාචනයක් කරනවා විශේෂඥ වෛද්‍යවරුන් ප‍්‍රමුඛ හෙද සේවයේ සිටින සෑම කෙනෙකුටම තමන්ගේ ඥාතීන් සිහිකර හෝ මේ රට හැරදා විදේශ රටවල සේවයට යාම කරුණාකර අවම කරන්න කියලා. විදේශ වල ශ‍්‍රී ලාංකික වෛද්‍යවරුන් 15000 කට වැඩි පිරිසක් සේවය කරනවා. ඒ සියලූ දෙනාට අපි ආරාධනා කරනවා අපේ රටට ඇවිත් යම් කෙටි කාලයක් හෝ නැවත සේවය කරන්න කියලා.    රට හැර යන පිරිසේ යම් පාලනයක් ඇතිවුවොත් විදේශ රටවල සේවය කරන අති විශාල වෛද්‍යවරුන්ගෙන් යම් පිරිසක් හෝ මේ රටට නැවත පැමිණෙන තත්ත්වයක් ඇතිවුවොත් ඒ අය වෙනුවෙන් වගකීම් ඉටුකරන බවටට අවශ්‍ය වගකීම් පිළිබ`දව පැහැදිලි කරමින් යම් ආරාධනයක් කිරීම අවශ්‍යයි.    අපි වඩාත් සතුටු වෙන්න ඕනෑ අපේ සෞඛ්‍ය සේවාව පිළිබ`දව.

බටහිර වෛද්‍ය විද්‍යාව තුළ තිබෙන ප‍්‍රමිතිය සහ ගුණාත්මක භාවය වගේම දේශීය වෛද්‍ය විද්‍යාවේ තිබෙන ගුණාත්මක භාවයත් ඉතාම විශිෂ්ටයි. ඒ නිසා මේ කටයුතු වලදී ඒ අයටත් වර්තමාන සෞඛ්‍ය ඇමති රාජිත සේනාරත්න මැතිතුමාටත් අමාත්‍යාංශයේ ලේකම් ජයවික‍්‍රම මහත්මයාටත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් පාලිත මහීපාල මහතා ඇතු`එ ඒ ආයතන වල සේවය කරන අනෙකුත් අංශ වල ප‍්‍රධානීන් සෑම කෙනෙකුටමත් මම ස්තූතිවන්ත වෙනවා.    අපි රටක් විදියට හො`ද අනාගතයක් ඇතිව ගොඩනැගෙන්නටත් නීරෝගිමත් ජනතාවක් මේ රටේ බිහිවෙන්න අවශ්‍ය පසුබිම ගොඩනැගීමටත්, ඒ වගේම සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ රාජ්‍ය නොවන අංශය රජයේ පාලනයට යටත්ව, ප‍්‍රමිතියෙන් සහ ගුණාත්මක භාවයෙන් යුතුව හොද සේවාවක් ලබාදෙන්නත් වැඩි වගකීමක් පවරමුයි කියා පවසමින් මම නිහඩ වෙනවා.

    ස්තූතියි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.