• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ශ්‍රීලංකන් ඉන්දියානු සාගර කලාපයේ ලොව ප්‍රමුඛත ම ගුවන් සේවය ලෙස පිදුම් ලබයි

Srilankan airline winශ්‍රීලංකන් ගුවන් සමාගම  2016 වසර සඳහා ඉන්දියානු සාගර කලාප‍ය වෙත මෙහෙයුම් සිදුකරන ලොව  ප්‍රමුඛත ම  ගුවන් සේවය  ලෙස මාලදිවයිනේ දී පැවැත්වූ ලෝක සංචාරක සම්මාන උළෙලේ දී පසුගියදා පිදුම් ලැබීය.

මෙම සම්මානය  සඳහා ලොව ප්‍රමුඛතම ගුවන් සේවා රැසක් නිර්දේශ වී තිබුණු අතර  ශ්‍රීලංකන් ගුවන් සමාගම වෙත මෙම සම්මානය හිමිවීම ජාතික ගුවන් සේවය ලද සුවිශේෂී ජයග්‍රහනයක් ලෙස සනිටුහන් විය.

මෙම සම්මාන උළෙල මාලදිවයිනේ සන් සියෑම් ඉරු ෆුෂි රිසෝට් හි (Sun SiyamIruFushi Resort)  අති උත්කර්ෂවත් අයුරින් පැවැත්වූ අතර, ඒ සඳහා ශ්‍රීලංකන් ගුවන්  සමාගම හා එක්ව ගෝලීය  ගුවන් සංචාරක දැවැන්තයන් වන  වන  එටිහාඩ් එයාර්වේස් (ලෝකයේ ප්‍රමුඛතම ගුවන් සේවය) සිංගප්පූරුවේ චැංගි ගුවන්තොටුපොළ (ලොව ප්‍රමුඛතම ගුවන්තොටුපොළ) ඇමරිකන් එක්ස්ප්‍රස් (ලොව ප්‍රමුඛතම ව්‍යාපාර සංචාරක ඒජන්සිය) සහ රෝයල් කැරිබියන් (ලොව ප්‍රමුඛතම යාත්‍රා වෙළඳ නාමය) සම්මානයෙන් පිදුම් ලැබීය.

එසේ ම  ශ්‍රීලංකන් ගුවන් සමාගම වෙත මෙම සම්මානය  හිමිවූයේ ඉන්දියානු සාගරයේ ගමනාන්ත 11 දක්වා සිය මෙහෙයුම් ව්‍යාප්ත කිරීමේ ප්‍රථිඵලයක් ලෙසයි.  ගුවන් සමාගම (www.srilankan.com)  මේ වසරේදීත් සිංගප්පූරුවේදී පැවැත්වූ  2016  Future Travel Experience Asia  සම්මාන උළෙලේදී මධ්‍යම සහ දකුණු ආසියානු කලාපයේ විශිෂ්ටත ම සමස්ත සේවා සපයන ගුවන් සේවය බවට සම්මානයෙන් පිදුම් ලැබීය. ලෝක සංචාරක සම්මාන උ‍ළෙල (www.worldtravelawards.com)  සංචාරක ක්ෂේත්‍රයේ විවිධ අංශ හඳුනා ගැනීමටත්, දීමනා ඇතුළු  විශිෂ්ටතා  ඇගයීමටත් 1993 වසරේ දී ස්ථාපිත කර ඇත. 

මෙම සම්මාන උළෙලේ ජයග්‍රාහකයන් වශයෙන් පත්කර ගැනීමට පාදක කරගන්නා අංශ වන්නේ ගුවන් සේවා, ගුවන් තොටුපොළවල්, සංචාර මෙහෙයවන්නන්, ගුවන් සේවා සන්ධාන, හෝටල් සහ රිසෝට්, කුලී රථ වාහන ආයතන, මුහුදු යාත්‍රා සේවා, අවන්හල්, සංචාර යෙදුම්  සහ වෙබ් අඩවි (travel apps and websites) ඇතුළු විවිධ සේවා සපයන්නන් ගමනානාන්ත  මෙන්ම රටවල් ඇගයීමට  ලක් කිරීමෙනි. 2016 වසර  පුරාවට මිලියන 1.1 සංචාරකයන් සහ ගෝලීය සංචාරක ක්ෂේත්‍රයේ පුද්ගලයන්ගේ මනාප ඡන්ද සලකා බැලීමෙන් අනතුරුව මෙම සම්මාන සඳහා තෝරාගැනීම් සිදුකර ඇත. ආසියා මැදපෙරදිග කලාපය වෙත ගුවන් සමාගමේ නව ඉලක්ක කරා යන ගමනේ පළමු අදියර උපායමාර්ගයක්  ලෙස  ගුවන් සමාගම විසින් ප්‍රථම ජාත්‍යන්තර ගුවන් සේවය  ලෙස දෙසැම්බර්  මස  පළමු වැනිදා සිට  මාලදිවයිනේ ගැං දිවයින වෙත සිය මෙහෙයුම් ආරම්භ කර ඇත.  ගුවන් සමාගම විසින් මෙහෙයුම්  සිදුකරනු ලබන  11වැනි නව  ගමනාන්තය වන මෙය  වන අතර  මීට අමතර ව  සීෂෙල්ස්, බහරේන්, මස්කට්, ජකාර්තා, මදුරාසි, කල්කටා, ලාහෝර්, ඩකා, වරණාසි, බුද්ධගයා වෙත සිය  මෙහෙයුම්  ආරම්භ කර ඇත. එසේම ගුවන් සමාගම විසින් ආසියා  මැදපෙරදිග කලාපය වෙත ගුවන් ගමන් සේවා වැඩිකිරීමටත් කටයුතු  කර ඇත.

ශ්‍රීලංකන් ගුවන් සමාගම ඉන්දියාව වෙත මෙහෙයුම් සිදුකරන විශාලත ම විදේශ  ගුවන් සේවය ලෙස ගමනාන්ත 11 වෙත ගුවන් ගමන් 100 සිදුකරමින් මාලදිවයින වෙත සතියකට  ගුවන් ගමන් 25ක් සිදුකරන  විශාලත ම ජාත්‍යන්තර ගුවන් සේවය ලෙස විශිෂ්ට සේවා ලබා දේ. ශ්‍රීලංකන් ගෝලීය ගුවන් ගමන් ජාලය  රටවල් 47 ගමනාන්ත 101 දක්වා විහිද යනු ලබයි. වන්වර්ල්ඩ් ගෝලීය ගුවන් සේවා සන්ධානයේ සාමාජිකයෙකු  වශයෙන් ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගෝලීය වශයෙන් ගුවන් ගමන් ජාලය  රටවල් 160 ගමනාන්ත 1000 දක්වා ව්‍යාප්ත වී ඇත. 


ගුවන් සමාගම විසින් එහි එයාර්බස් ගුවන් යානා ඇණිය  සඳහා 2016 වසරේ දී නව A330-300 පුළුල් බඳ සහිත ගුවන් යානා  7ක් එකතු කර ගැනීමට කටයුතු  කළ අතර,   එසේම A320neo  සහ A321neo ගුවන් යානා 5ක්  2017 වසරේ දී ලබාගැනීමට ගුවන් සමාගම බලාපොරොත්තු  වේ. ගුවන් මගීන් සඳහා  සුවපහසු ආසන, නවීන පන්නයේ ගුවන් යානා අභ්‍යන්තර විනෝදාස්වාදක පද්ධති, ප්‍රණීත ගුවන් යානා ආහාරපාන මෙන්ම උණුසුම් ආගන්තුක  සත්කාරයෙන් යුතු ගුවන් මැදිරි කාර්ය මණ්ඩලයේ සහාය අත්විදීමට  ශ්‍රීලංකන් ගුවන් ගමන් හරහා පහසුකම් සැලසේ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.