• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

කෙටුම්පත් කරන ලද ජාතික ළමා ආරක්ෂක ප්‍රතිපත්තිය පිළිබඳව විද්වත් අදහස් ලබාගැනේ

childළමා අපයෝජන වැළැක්වීම සහ එවැනි අපයෝජන වලට ගොදුරු වූ ළමයින් ආරක්ෂා කිරීම හා ඔවුන්ට ප්‍රතිකාර කිරීම පිණිස ජාතික ප්‍රතිපත්තියක් සැකසීමේ කාර්යය ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැවරී තිබේ.

ඒ අනුව කෙටුම් පත් කරන ලද ජාතික ළමා ආරක්ෂක ප්‍රතිපත්තිය පිළිබඳ ව විද්වත් අදහස් ලබාගැනීම මේ වන විට ආරම්භ කර ඇත.මේ වන විට  ළමුන් සම්බන්ධ ව කටයුතු කරන ශ්‍රී ලංකා පොලිසිය, නීතිපති දෙපාර්තමේන්තුව, පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුව, වැනි ආයතන වල විද්වතුන්ගේ අදහස් මෙන්ම අධිකරණ, අධ්‍යාපන, කම්කරු හා සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ විද්වතුන්ගේ අදහස් ලබාගැනීම සිදු කරමින් පවතී.

ඊට අමතරව ළමුන් සම්බන්ධව කටයුතු කරන සියලු ම රාජ්‍ය ආයතන වල අදහස් මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන වල අදහස් ද අදාළ කෙටුම්පත සම්බන්ධව ලබාගැනීමට අපේක්ෂා කෙරේ. අවසානයේ සියලු ම පාර්ශ්වන්ගේ අදහස් ලබාගැනීමෙන් අනතුරුව අදාළ කෙටුම්පත මහජන අදහස් ලබාගැනීමට යොමු කිරීමටද බලාපොරොත්තු වේ.

විශේෂයෙන්, මෙලෙස සැකසෙන ජාතික ළමා ආරක්ෂක ප්‍රතිපත්තිය තුළින් ළමා ආරක්ෂාව යනු කුමක්ද? යන්න පිළිබඳ ව පොදු එකඟතාවයකට එළඹීම හා ළමා ආරක්ෂාව සම්බන්ධ ව කටයුතු කරන ආයතන වල කාර්යභාරය වෙන වෙනම හඳුනාගැනීමද සිදු කරනු ලැබේ. 2017 වර්ෂයේ පළමු කාර්තුව අවසන් වීමට ප්‍රථම ජාතික ළමා ආරක්ෂක ප්‍රතිපත්තිය සැකසීමේ කටයුතු අවසන් කිරීම ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අපේක්ෂාවයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.