• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

සාගරික තර්ජනයන්වලට මුහුණ දීමට සූදානම් විය යුතුයි

Navyනුදුරේ දී ඇතිවිය හැකි සාගරික තර්ජනයන්වලට මුහුණ දීමට අද සිටම සූදානම් වීම අත්‍යාවශ්‍ය බව නාවික හමුදාපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා පැවසීය. 

 නාවික හමුදාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (06) සපුගස්කන්ද, ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ 10 වන පාඨමාලාවට අයත් නිලධාරීන්ගේ දේශණයකට එක් වෙමිනි.

වසරක් පාසා ආරම්භ කෙරෙන සෑම නව පාඨමාලාවක් සඳහා ම ත්‍රිවිධ හමුදාපතිවරුන්ගෙන් ප්‍රධාන දේශණයක් බැගින් ඇතුළත් කොට ඇති අතර, මෙවර එම දේශණය පවත්වමින් නාවික හමුදාපතිතුමා මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන ලදී. එහිදී තවදුරටත් නිලධාරීන් ඇමතූ එතුමා ප්‍රකාශ කර සිටියේ සාගරික ක්ෂේත්‍රයේ කටයුතු කෙරෙහි අන් කවරදාකටත් වඩා වැඩි නැඹුරුතාවයක් දක්නට ඇති බවත්, නාවික ක්ෂේත්‍රය, බලය ව්‍යාප්ත කිරීමේ වේදිකාවක් බවට ‍පත් වෙමින් ඇති බවත්ය.

එහි ප්‍රථිපලයක් වශයෙන් ලෝකයේ නාවික හමුදාවන්, බලය ව්‍යාප්ත කිරීමේ පාර්ෂවකරුවන් බවට පත්ව ඇති බවද එතුමා වැඩිදුරටත් සඳහන් කරන ලදී. මෙවැනි පසුබිමක් තුළ ක්‍රියාකාරී සැළැස්මක් තුළින් සාගරික ආරක්ෂාව තහවුරු කිරීමේ ඇති වැදගත්කම පිළිබඳ ව නාවික හමුදාපතිතුමා ගැඹුරින් අදහස් ඉදිරිපත් කළේය.

එමෙන්ම, නාවික ක්ෂේත්‍රයට අදාළ තවත් කරුණු රාශියක් එනම්, සාගරික ආරක්ෂාවේ වැදගත්කම, අපගේ සාගරය ආරක්ෂා කිරීම, ඇතිවිය හැකි සාගරික ආරක්ෂක ගැටලු, සාගරික ත්‍රස්තවාදය සහ මුහුදු කොල්ලකෑම් වැනි මාතෘකා ඔස්සේ ඉතා හරවත් කරුණු රාශියක් ඉදිරිපත් කරමින් එතුමා සිය දේශණය ආර්ථවත් කරන ලදී.

මෙම අවස්ථාව සඳහා සපුගස්කන්ද, ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ නියෝජ්‍ය ආඥාපතිතුමන්, එම විද්‍යාලයේ කාර්යය මණ්ඩල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් එක්වී සිටියහ. එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.