• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

යාපනයේ සර්ව ආගමික කෝවිලකට දකුණේ ස්වාමීන් වහන්සේලා වැඩම කරති

Buddhistඋතුරු දකුණු සංහිඳියාව වෙනුවෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා මෙහෙයවනු ලබන විශේෂ වැඩසටහන් පෙළ යටතේ එක් පියවරක් වශයෙන් දකුණු පළාතේ ස්වාමීන් වහන්සේලා උතුරු පළාතේ කෝවිල් වෙත ඊයේ (06) වැඩම කරන ලදී.

 මෙම අවස්ථාව සඳහා මාලිගාකන්ද විද්යෝදය පිරිවෙන් අධ්‍යක්ෂ පුජ්‍ය අකුරැටියේ නන්දනායක ස්වාමීන් වහන්සේ, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක පුජ්‍ය  නාගොඩ අමරවංශ ස්වාමීන් වහන්සේ, එක්සත් රාජධානියේ ජේතවන විහාරාධිපති පුජ්‍ය ගුණවංශ යන ස්වාමින් වහන්සේලා සහභාගී වූහ.උන්වහන්සේලා යාපනයේ පරලයි ඊශ්වර විනායගර් කෝවිලෙහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.

මෙම සංචාරය සඳහා උතුරු පළාත් ආණ්ඩුකාරවර රෙජිනෝල්ඩ් කුරේ මහතා සහභාගි වූ අතර, මෙම පරලයි ඊශ්වර විනායගර් ගණපති කෝවිලේ ඉදිකර ඇති සාම තාප්පය හා සර්ව ආගමික කුළුණ ද එහිදී නිරීක්ෂණයට ලක් කෙරිණි. මෙම අවස්ථාවට සහභාගී වූ ගරුතර ස්වාමීන් වහන්සේලා ප‍්‍රකාශ කළේ මෙය උතුරු දකුණ සංහිඳියාව වර්ධනය කිරීමට මහත් පිටිවහලක් වනු ඇති බවයි.

සාම තාප්පයේ ශ‍්‍රී ලංකාවේ සිටි සියලූ ම ජනාධිපතිවරුන්ගේ හා අගමැතිවරුන්ගේ ඡායාරූප චිත‍්‍රයට නඟා ඇති අතර, ජේ.ආර් ජයවර්ධන මැතිතුමාගේ සිට වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ඡායාරූපයද චිත්‍රයට නගා ඇති බව  එම නිරීක්ෂණයේදී පැහැදිලි විය. එසේ ම එම ස්ථානයේ ස්ථාපිත කර ඇති සර්ව ආගමික කුළුණේ හින්දු, බෞද්ධ, කතෝලික, මුස්ලිම් යන සියලූ ම ආගම් නියෝජනය වන පරිදි ලාංඡන නිර්මාණය කර තිබීමද මෙහිදී දක්නට ලැබිණ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.